ලංකා ප්‍රිමියර් ලීග් අවසන් පූර්ව තරගය අතරතුර කලවා ප්‍රදේශයේ ඇතිවූ අබාධයක් හේතුවෙන් පන්දු යැවීමෙන් ඉවත් වීමට සිදු වූ ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු ටෙස්ට් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වී තිබේ.
තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් විසින් දකුණු අප්‍රිකානු සංචාරයෙන් මැතිව්ස් ඉවත් වීම තහවුරු කර ඇතැයි වාර්තා වේ.
දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර්, නිමාවූ එල්.පී.එල්. අවසන් පූර්ව තරගයෙන් පසු ‘කරුණාකර අපට තවත් ටෙස්ට් සංචිතයෙන් ආබාධ වාර්තා නොවේවා’ යි සඳහන් කර තිබිණි.
ටෙස්ට් තරග 2 කින් යුත් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් 17 වනදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත.