22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්‍ජනාධිපතිවරණය කල්දැමීමට අපේ අවසරයක් නෑ.

‍ජනාධිපතිවරණය කල්දැමීමට අපේ අවසරයක් නෑ.

කොළඹ වික්‍රමපාල

මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයට නැවතත් වෙත්සමක් ඉදිරිපත් වෙලා තිබෙනවා ජනාධිපතිවරණය ප්‍රමාද කිරීම ඉලක්කගත කරමින් අපි විශ්වාස කරන්නේ නැහැ මේ පෙත්සම සැලකිය යුතු වටිනාකමක් සහිත පෙත්සමක් කියලා.පෙත්සම සඳහා අපි අතරමැදි පාර්ෂවකරුවෙක් හැටියට පැෆරල් සංවිධානය මැදිහත් වෙනවා.
ජනාධිපතිවරයා අප්‍රසාදයට පත් කරන්න යම් කණ්ඩායමක් වැඩ කරමින් තිබෙනවා කියලා අපිට සාධාරණ සැකයක් මතු වෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……..ජනාධිපතිවරයා මේ වන විට ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍ර ලේක නොතකා කිසියම් රාජ්‍ය නිලධාරියෙක් මැදිහත්වීම් කරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි මැදිහත් වෙනවාමේ වගේ ආර්ථික ගැටලුවක් තිබෙන මොහොතක රටක ජනතාවට ලබා දෙන සුභසාධන කටයුතු පිළිබඳ අපේ විරෝධයක් නැහැ, සංවර්ධන කටයුතු පිළිබඳ විරෝධයක් නැහැ ඒ සංවර්ධන කටයුතු සිදු කරන ආකාරය හරහා කැමති ජනතාවගේ මුදල් නාස්තිකාර විදියට කරනවා නම් ආණ්ඩුවේ ඒ උත්සාහය දුර්වල මූල්‍ය කළමනාකරණය සිදුකරනවා නම් දේශපාලනික අවශ්‍යතා මත සංවර්ධන අවශ්‍යතා වලට කටයුතු නොකර කටයුතු කරනවා නම් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ඔවුන්ට විරුද්ධව අපි කටයුතු කරනවා අපි ඉල්ලා සිටිනවා නීති විරෝධී පත්කිරීම් නොකරන ලෙස ඉල්ලනවා.
මේ නඩුකරය නිසා ජනාධිපතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති වෙන්නේ නෑ මේ කියන නඩුකරේ අර්ථකථනය දැනටමත් අධිකරණය ලබාදීලා තිබෙන්නේ .

ජනාධිපතිවරණය කල්දැමීමකට මේ හරහා ඉඩක් නැහැ . දින නියම කිරීමේ අවස්ථාව තිබෙන්නේ මැතිවරණ කොමිසමට සැප්තැම්බර් 14ත් ඔක්තෝබර් 14ත් අතර දිනයක් වෙන්න ඕනේ බොහෝවිට දින හතළිස් දෙකක් දින හෙට තුනත් අතර කාලයක් ගත වෙනවා මේ කටයුත්තට සැප්තැම්බර් මාසෙ 17න් පස්සේ ආසන්නම දිනය කැමැතිවරණය පවත්වන්න හැකියාව තිබෙනවා.ෙසියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිවරණයේ ඔබගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියේ ජනතාවට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඔබ ජනතාවට වග කියන අපේක්ෂකයෙක් නම් ඔබ නාම යෝජනා භාරදෙන අවස්ථාවීම වත්කම් බැරකම් ප්‍රකාශත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments