එලඹෙන උත්සව සමයේදී කොළඹ සිට ගම්බිම් බලා යන ජනතාව ඉලක්ක කර රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ ක්ෂණිකව සිදු කිරීමට රජය අවධානය යොමුව තිබෙනවා. යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ පොදු ප‍්‍රවාහන සේවා උපයෝගී කර ගනිමින් ගමන් ගන්නා ජනතාව ඉලක්ක කර මෙම පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කරන බවයි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ පොදු ප‍්‍රවාහන සේවාවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි කි‍්‍රයාත්මක වන්නේදැයි අද සිට දැඩිව පරීක්ෂා කරන බවයි.
මේ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ‍්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඞ්-19 වෛරස ආසාදනය වී ඇති බවට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය අද තහවුරු කළා. මේ වනවිට අදාළ ආසාදිතයන්ගේ ආශී‍්‍රත සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන් ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර ශ‍්‍රී ලංකාවට කොවිඞ් වසංගතය හේතුවෙන් වන බලපෑම අඩුකිරීමේ වැඩකටයුතු සඳහා යුරෝ මිලියන 2ක ආධාරයක් ලබාදීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එය මෙරටට ලබාදීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති. කොවිඞ්-19 රෝගී ප‍්‍රතිකාර සේවාවල ඵලදායීතාවය ඉහළ නැංවීම මෙන්ම ආසාදන වැලැක්වීම ඇතුළු ප‍්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙම මූල්‍ය සහාය යොදා ගැනීමට නියමිතයි.