22.4 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeක්‍රීඩා පුවත්LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි

LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය.

මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා ගනු ලැබුවා. ෂොයිබ් මලික් පන්දු 35 කදී ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී ලකුණු 36ක් වාර්තා කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක දැවී ලබාගත හැකිවූයේ ලකුණු 135ක් පමණි.

මේ අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර සඳහා නැගෙනහිර  පළාත නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් කණ්ඩායමක් එක් කිරිමට සැලසුම් කර තිබෙන බව තරග සංවිධායක මණ්ඩලයේ අධ්‍යක්ෂක රවීන් වික්‍රමරත්න සඳහන් කර සිටිනවා.

” ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙනස්කම් රැසක් සිදුකිරීමට නියමිතයි. අප බලාපොරොත්තු වෙනවා ලබන වසරේ තරගාවලිය සම්බන්ධයෙන් වන වැඩකතයුතු ලබන ජනවාරි මාසය වන විට ආරම්භ කරන්න. තරගාවලිය ලබන වසරේ ජුලි 29 ආරම්භ කිරීමට සැලසුම් කරලා තිබෙන්නේ.

ලබන වසරේ තරගාවලියට කණ්ඩායම් 06ක් තරග කිරිමට සැලසුම් කරල තිබෙනවා. ඒ වගේම සෑම කණ්ඩායමකටම අනිවාර්යෙන්ම ප්‍රධාන පෙලේ විදේශ ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටීම අනිවාර්ය කිරීම අපේ බලොපොරෝත්තුවයි” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments