අදත් ජනපති හෙටත් ජනපති රනිල් තමයි සැපැතැම්බර් 21න් පස්සෙත් ජනපති කියන එක අද ගාල්ලේ ජන මෙම ජන ගඟෙන් සපත කර තිබෙන බව කිව යුතුයි. යැයි කම්කරු හා විදේශරැකියා ඇමැති මනූෂ නානයක්කාර මහතා ගාල්ලේදී කියයි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කිවේය…. අද මෙම රැස්වීමට පැවැත්වෙන ස්ථානයට එහා පැත්තේ තිබෙන සමනළ ක්‍රීඩාංගණය අසල තමයි ලංකාවේ දිගම ගෑස් පෝලිම තිබුණේ අද එම ඡායාරූපය සමාජ මාධ්‍යයේ යනවා. පියසේන ගමගේ ගේ ෂෙඩ් එකේ තමයි ඉන්ධන පෝලිමේ සිටි අපේ තාත්තා කෙනකු විජලනය හැදිලා ලොරිය ඇතුළේම මැරුණා. අපේ දරුවෝ කිරිපිටි නැතිව හැඬුවා. මේ සිටින අම්මලා තාත්තලා විඳින්න තිබෙන සියලුම දුක් විඳලා ලයිට් නැතිව දරුවන්ට පාඩම් ටික උගන්වන්න ගන්න බැරිව කලකිරීමෙන් කඩාගෙන වැටුණා. හැකියාව තිබුණු ඇතමුන් රටදාලා යන්න ගියා තවත් අය මේ තිබෙන වටපිටාවත් සමග මේ රටේ සිටින්න බෑ කියලා පිටරට යන්න සැලසුම් සැදුවා. මේ සිටිය ජනතාව මෙම පීඩනය දරාගෙන සිටියා.
එවිට රටේ ජනතාවගේ වේදනාව තේරුණු , දුක හඳුනාගන්න හැකිවු රටේ මිනිසුන්ට සැබෑවට ආදරය කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අනෙක් අය භාරගන්න බෑ කියන කොට ඒ අය තමන්ගේ පුද්ගලික වාසිය බලන විට , දේශපාලන පක්ෂයේ අනාගතය බලනකොට, ජනාධිපති පුටුවේ සිහින දකින විට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබ අපි තමුන්නාන්සේලා වෙනුවෙන් රටේ පුංචි මිනිසුන් වෙනුවෙන්. ඒ වගකීම භාරගත්තා. එ අභියෝගය භාරගත්තා. එම අභියෝග භාර ගන්න භයවුන් අතරේ අභියෝග භාරගන්න හැකි කොන්දක් තිබෙන නායකයා කියලා මේ රටට පෙන්නුවා. ඒ පමණක් නොවේ එදා සිට අද දක්වා බැරි මිනිස්සු බලාගත්තා ඒ වෙනුවෙන් අස්වැසුම දුන්නා, උරුමය වැඩසටහන මගින් ඔප්පු දුන්නා. පාසැල් සිසුන් එක්ලක්ෂ විසිදහසකට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව ලබාදුන්නා. ඒක ලේසි පහසු වැඩක් නොවේ. මේ අමාරු මිනිස්සු ටික බලාගත්තා. සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනවා, ශ්‍රමිකයෝ විදේශගතවුණා ඒ අය මුදල් එව්වා. රටට නැවත වතාවක් තෙල් ,ගෑස් ටික ගෙන්න ගත්තා අපේ ආර්ථික නැවත වතාවක් ගොඩ නැගෙන්න පටන් ගත්තා. ඩොලර් එක පහල බැස්සා බඩුමිල පහළ බැස්සා. එම මිල ගණන් ඉහල යෑම අඩුවුණා. දැන් ටිකක් රටේ මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් . මෙහෙම ගියොත් අපේ රට ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන්. කියන සිතුවිල්ල අපේ ජනතාවට දැනෙන්න පටන් ගෙන තිබෙනවා. දැන් ජනතාවට, ව්‍යාපාරිකයින්ට, උගතුන් බුද්ධිමතුන්ට තේරෙනවා. ලෝකයත් ගනුදෙනු කරලා ශක්තිය ගන්නවා වගේම රට ඇතුළේ වර්ජකයින්ට භය වෙන්නේ නැතිව එක එක වෙලාවට මිනිස්සු පාරට බස්සලා ජනතාව බිත්තියට හේත්තු කරන අයට භය වෙන්නේ නැතිව සෘජු තීන්දු තීරණ අරගෙන මිනිස්සුන්ගේ පැත්තේ හිටගත්තු නායකයෙක් දැන් රට පාලනය කරනවා කියලා මිනිස්සුන්ට අවබෝධ වෙන්න පටන් අරගෙන තිබෙනවා. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරන කොට පොදුජන පෙරමුණේ මිනිස්සුන්ට, හැටනව ලක්ෂයක් ඡන්දය දුන් ජනතාවට ලොකු බලා පොරොත්තුවක් තිබුණා.නීත්‍යානුකූලය නීතිය වැඩකරන නායකයෙක් ඔනේ වුණා. වැඩවර්ජන කරලා රටවට්න අයට එරෙහිව කටයුතු කරන්න පුළුවන් අපේ හාමුදුරුවන් කියන විදියට හිට්ලර් වගේ නායකයෙක් ඕනේ කිව්වා.එමෙන් දේශපාලනය පැත්තකට දාලට රට වෙනුවෙන් වැඩකරන නායකයෙක් අවශ්‍ය බව කිව්වා. අන්න ඒ පොදුජන පෙරමුණේ මිනිසුන්ගේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂය ඉටුකළ හැකි නායකයා අද මේ රටේ අභියෝගය භාරගෙන තිබෙනවා. ඒ අභියෝගය භාර ගත්ත නිසා තමයි පොදුජන පෙරමුණේ උදවියට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අයට තමන් බලාපොරොත්තුවු සොයපු නායකයා රට කෙලින් කරන්න පුළුවන් නායකයා එක එක වෙලාවට රට ආපස්සට අදින අයට එරෙහිව කටයුතු කරන්න හැකි නායකයා අද රටට ලැබිලා තිබෙනවා.එහෙනම් මේක තමයි අවස්ථාව මේක තමයි යළි නොලැබෙන අවස්ථාව එහෙනම් නැවත පෝලිම් යුගයකට යන්නේ නැති වෙන්න , යළි දුක් නොවිඳින්න නැවත රට වැටෙන්න නැතිවෙන්න ඉස්සරහට ගෙන යන්න අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග එක පොදියට රොද බැඳගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ලෙස අපි අත්වැල් බැඳගමු. අත් දැකීම් නැති අය මාත් කරන්නම් මාත් කරන්නම් කියලා ඉල්ලනවා එක එක එක්කෙනාගෙන් ෂර්ට් ඉල්ලන් ඇන්දාවගේ මේ රටවල් කරන්න බෑ. රට කරන්න අත් දැකීම් ඕනේ. දැක්මක් තිබෙන්න ඕනේ. තාත්ත කළාට පුතාණෝට බෑ කියලා වසර දෙකකට කලින් දුවලා සජිත් ප්‍රේමදාස පෙන්නලා දුන්නා. ඒ නිසා (21) රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරන්න ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාට පක්ෂ කුල හා ජාති ආගම් භේද නැතිව කටයුතු කරනවා කියලා සපත කර සිටිනවා.
