26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කරනවා,ඒ ගමන තනියම යන්න බෑ සියලුදෙනාගේ...

ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කරනවා,ඒ ගමන තනියම යන්න බෑ සියලුදෙනාගේ සහය අවශ්‍යයි- -ජනපති ගාල්ලේදී කියයි-

සජබ මන්ත්‍රී රහීම් ඉෂාක් ජනපතිට සහාය පළ කරයි,පොහොට්ටු මන්ත්‍රීවරු 41ක් එක්ව ජයගමු අපි ගාල්ල වේදිකාවේ

ඉදිරි ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) පැවසීය.
මේ ගමන තනියම යෑමට නොහැකි බව කී ජනාධිපතිවරයා ඒ සඳහා සියලූම දෙනාගේ සහාය තමන්ට අවශ්‍ය බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල පුරහල භූමියේ ඊයේ (27) පැවති “එක්ව ජයගමු” ජනරැළිය අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කෘෂිකර්මාන්තය නවීකරණය කර රටට අලුත් කර්මාන්ත ගෙනවිත් තරුණ පරපුරට අලුත් රටක් නිර්මාණය කළ යුතු බවයි.
එය තම යුතුකමක් බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉශාක් රහුමාන්, උත්තර ලංකා සභාගයට සහය දක්වමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම් අතාවුල්ලා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කළ වෛද්‍ය ගයාශාන් නවනන්දන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ජනරැළියේදී ජනාධිපතිවරයාට සහය දක්වමින් වේදිකාවට ගොඩවීම විශේෂ සිද්ධියක් විය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරු 41ක් එක්ව ජයගමු අපි ගාල්ල රැස්වීමට එක්ව සිටියහ.එය සංවිධානය කර තිබුණේ ගාල්ල දිස්ත්‍රික් පොහොට්ටු නායක රමේෂ් පතිරණ,එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ඇමති මනූෂ නානායක්කාර එක්වයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments