ෙබිම් මට්ටමේ විශාල සේවාවක් ඉටු කරන ග්‍රාම නිලධාරින්ගේ සේවය තමා අගය කරන බවත් පුද්ගලයෙක් සමාජයට බිහි වීමේ සිට උපත විවාහය මරණය ආදී සැම දේකදීම මේ අය ජනතාවට සමීප බවත් කාලයක් පුරා මේ අයගේ අයිතිවාසිකම් කප්පාදු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සේවා ව්‍යවස්ථාව නිසි පරිදි ස්ථාපිත කිරීම සහ සාධාරණ වැටුප් ක්‍රමයක් ඇති කිරීම ආදී ගැටලු රැසකින් මේ අය පෙළෙන බවත් පසුගිය වසර හතර කාලයේ තමා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කළ බවත් අද වන විට සුරංගනා කතා බවට එවාට ලැබුණු පිළිතුරු ලක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (31) ඒකාබද්ධ ග්‍රාම නිලධාරි සංගමයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවේ දීය.
ඡන්දය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන මේ අයට ඡන්ද නාම ලේඛන සදහා රු 13ක දිමනාව රු. 30 කරණ ලෙස මැතිවරණ කොමිසම තීන්දු කළත් තවමත් එය ක්‍රියාත්මක නැති බවත් මේවා නොදීමෙන් ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමේ රජයේ වක්‍ර හැගීමක් ඇත්ද කියා තමා සැක පළ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.