Home දේශීය පුවත් අධ්‍යාපන පුවත් BIC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ...

BIC Campus ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්…

0
8

2015 වසරේ දී මෙරටට වැඩම කළ අතිඋතුම් ෆැන්සිස් පාප් වහන්සේ ආශිර්වාද කොට විවෘත කළ,මීගමුව බෝලවලාන හි (BCI Campus) BCI සරසවිය හෙවත් 16 වන බෙනඩික්ට් උසස් අධ්‍යාපන ජාත්‍යන්තර ආයතනයේ ප්‍රථම උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය පසුගියදා (06) BCI සරසවියේ කුලපති කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.

එහි විශේෂ ආරාධිතයා ලෙස එංගලන්තයේ ලංඩන් නුවර ට්වික්න්හැම් හි සාන්ත මරියා විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි හා අධ්‍යන කටයුතු ප්‍රධානී මහාචාර්ය සාරා ස්පියර් මැතිනිය (Prof.Sara Spear ) සහභාගී වූවාය.
ලාභ අපේක්ෂා නොකරන ආයතනයක් ලෙස පවත්වාගෙන යන මෙම BCI සරසවිය 2021 වසරේදී ආරම්භ වූ උපාධි පාඨමාලාවන් සහ ඩිප්ලෝමා පාඨමාලාවන් හි ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවයේ දී 398 දෙනකුට තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය,මානව සම්පත් කළමනාකරණය,මනෝ උපදේශනය වැනි විෂයයන්ට අදාළ උපාධි,ගෞරව උපාධි සහ ඩිප්ලෝමා ප්‍රදානය සිදු කෙරින.
අධ්‍යයන අංශ හතක් යටතේ පවත්වා ගෙන යන මෙම උපාධි සහ ඩිප්ලෝමා පාඨමාලා යටතේ වසරකට සිසුන් 4000 ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන බව
එම සරසවියේ උපකුලපති ගරු එක්ස්පෙඩිටස් ජයකොඩි පියතුමා පැවසූහ.

උපාධි ප්‍රදානෝත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දැක් වූ කොළඹ අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ,”තම දෙමව්පියන්ගේ දේපළ වත්කම් විකුණා උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන මෙරට දරුවන් එම අධ්‍යාපනයෙන් පසු යලි මෙරටට නොපැමිණෙන බවත්,එම නිසා මෙරටදීම එම උසස් අධ්‍යාපනය ඔවුන්ට ලබා දී ඔවුන් ගෙන් මෙරටට සේවය ලබා ගත යුතු බවය.රජයට එය තනියම කළ නොහැකි නම් පෞද්ගලික අංශයේ ද සහාය ඒ සඳහා ලබා ගත යුතු බව උන් වහන්සේ පෙන්වා දුන්හ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here