21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඇප තැන්පතු වැඩිකිරීමේ යෝජනාව වහා ක්‍රියාත්මක කල යුතුයි-මංජුල ගජනායක

ඇප තැන්පතු වැඩිකිරීමේ යෝජනාව වහා ක්‍රියාත්මක කල යුතුයි-මංජුල ගජනායක

මෙහිදි වැඩිදුරත් අදහස් දැක්වු ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන, ආයතනය (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා………. දැනටමත් ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය යෝජනා කොට ඇති පරිදි එම මුදලම නැතත් යම් ඉහළ ප්‍රතිශතයකින් යුත් මුදලක් වහාම පාර්ලිමේන්තුව මඟින් අනුමත කල යුතුයි

ඊළඟ මැතිවරණයට පෙර. හේතුව කිසිම දේශපාලන අදහසක් ප්‍රවර්ධනය නොකරන තැනැත්තන් ජනාධිපති අපේක්ෂකයන් වීමේ ප්‍රවණතාවක් තිබෙනවා මෙවරත්.මැතිවරණය නිසිලෙස පැවැත්වීමට නොදෙන පිරිසක් අපි හඳුනාගෙන තිබෙනවා

ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු , අමාත්‍යංශ ලේකම්වරු සහ ඇමතිවරුන් , ජනාධිපති මාධ්‍ය අංශය සහ ජනාධිපති ලේකම්වරයා ඒ අතරේ ඉදිරියෙන් ඉන්නවා. විශේෂයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් යැවූ ලිපියකට ජනාධිපති ලේකම්වරයා ලබා දී ඇති පිළිතුරෙන් පැහැදිලි වන්නේ ඔහු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් සේ හැසිරෙන බවයි. මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් දෙදෙනා මේ පෙරහරේ ඉදිරියෙන් ඉන්නවා.

පොලිස්පති පත්කිරීමේ අර්බුදය බරපතල මට්ටමට ගෙනාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයනිලන්ත ජයවර්ධන මහතා අනිවාර්ය නිවාඩු යවනවා 2024 ජුලි 18දේශබන්දු තෙන්නකෝන් මහතාට වාරණයක් එනවා 2024 ජුලි 24ලලිත් පතිනායක මහතා පත්කරනවා 2024 අගෝස්තු 01

මේ අනුව තමන් අනිවාර්ය නිවාඩු යවන නිළධරයා වෙනුවට තවත් කෙනෙක් පත්කරන ජාතික පොලිස් කොමිෂන් සභාව සතියක කාලයක් ගන්නවා . ඔවුන් වෙලාවට තීරණ ගත්තනම් මේ අර්බුදය මෙතරම් ඔඩු දුවන්නේ නැහැ.

මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යභාරය විශිෂ්ටයිමේ වනවිට මානව හිමිකම් කොමිෂන් සභාවමාර්ගෝපදේශ දෙකක් ඉදිරියට ගෙනත් තිබෙනවා . එකක් ජනාධිපතිවරණ සමයේ කොහොමද පොලිස් නිලධාරීන් හැසිරෙන්නේ කියන එක . අනෙක රාජ්‍ය සහ පළාත් සේවයේ නිලධාරීන් මැතිවරණ සමයේ හැසිරෙන්න ඕන විදිය . මේ දෙකම අපි හිතනවා ඉතා වැදගත් මැදිහත්වීම් දෙකක් ලෙස .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments