එක්සත් මහජන පක්ෂයේ මහ ලේකම් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා නුවරඑළිය නගර ශාලාවේ පැවැති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදි අදහස් දක්වමින්.මෙසේ පැවසීය.
‘‘ලොකුම අභියෝගය තමා කුඩු හා පාතාලය තුරන් කර, රටේ තරුණ ප්‍රජාව ආරක්ෂා කරලා යහපත් තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම. අපි දැන් ඒක සාර්ථකව කරගෙන යනවා. එදා තිබ්බ කුඩු ප්‍රමාණය අද නැහැ. එදා හැමදාම වෙඩි තැබීම් වාර්තා වුණා. ඒත් දැන් එහෙම නැහැ. ඒ ඔක්කොම යහපත් අතට හැරුණේ යුක්තිය මෙහෙයුම හරි විදිහට කරලා වැරදිකරුවන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරපු නිසා.
නව දේශපාලන ක්‍රමවේදයක් හරහා ජාති භේද, ආගම් භේදවලින් තොරව ප්‍රතිපත්තියක් ඇතිව රට ගොඩදාන්න තමා එක්සත් මහජන පක්ෂය එක්ක අපි කරන්න යන්නේ. සමහර දේශපාලන පක්ෂ අනිසි ලෙස මහජනතාව පාවිච්චි කළාට ජනතාවට කිසිම හොඳක් වෙන්නේ නැහැ. මහජනයා රවට්ටලා ඡන්දෙ අරන් දේශපාලකයන් වැජඹෙනවා. අපි පක්ෂයක් හැටියට කවදාවත් එහෙම කරන්නෙ නැහැ. මහජනතාවට යහපතක් කිරීම තමයි අපේ පක්ෂයේ මූලික අරමුණ. කා එක්කද වැඩ කරන්නේ කියලා මම හා අපේ පක්ෂය තීරණය කරන්නේ එයා දූෂණයෙන් තොර එක්කෙනෙක් නම් හා වැඩක් කරන්න පුළුවන් කෙනෙක්නම් විතරයි. මම මහජනතාවගෙන් ඉල්ලන්නේ අපිත් එක්ක එකතු වෙන්න කියලයි.
එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවට එහි දේශපාලන කටයුතු ලේකම් හේමප්‍රිය කවිරත්න, පක්ෂ පාලක කමිටු සාමාජිකයෝ, නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පද්මනාදන් රාජේන්දන් සහ දිස්ත්‍රික් සංවිධායිකා නදීකා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.