21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන්2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී SLT-MOBITEL ඇගයීමට ලක්...

යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන්2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී SLT-MOBITEL ඇගයීමට ලක් වේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානයකරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.

SLT-MOBITEL මෙලෙස උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන කාණ්ඩය යටතේ සම්මාන හිමිකරගත්තේ මෙරට ඩිජිටල් තාක්ෂණයේ උන්නතිය උදෙසා ලබාදෙන දායකත්වය හේතුවෙනි. ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රටේ දියුණුවට උර දෙන අතරම, රට පුරා ග්‍රාමීය හා නාගරික ජනතාවට විශිෂ්ට මට්ටමේ සම්බන්ධතා පහසුකම් ලබාදීම සඳහා SLT-MOBITEL කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකර තිබේ.

තම ව්‍යාපාර කටයුතුවලදී සෑමවිටම තිරසර හා වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රමවේද අනුගමනයකරන SLT-MOBITEL,උසස් මට්ටමේ තොරතුරු හා සන්නිවේදන විසඳුම් ඔස්සේ රටේ ආර්ථික වර්ධනය උදෙසා දැවැන්ත දායකත්වයක් ලබාදෙමින් සිටී. මේ සියල්ල ඔස්සේ රටේ ඩිජිටල් අනාගතයේ ප්‍රධානතම කොටස්කරුවෙකු බවට පත්වීමට SLT-MOBITEL සමත් වී ඇත. දැඩි තරගකාරී කාණ්ඩයක්වන උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන කාණ්ඩය තුළ මෙබඳු ජයග්‍රහණයක් අත්කර ගැනීමට හැකි වීම, SLT-MOBITEL කණ්ඩායමේ උනන්දුවට හා කැපවීමට මෙන්ම නවෝත්පාදන හැකියාවන්ටමනා සාක්ෂියක් ලෙසද හැඳින්විය හැකි වේ.

ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙල යනු ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ මෙරට සමාගම් හා ආයතන ඇගයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උළෙලකි. එම නිසා එය මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් බවට පත් වී ඇත. එම ක්ෂේත්‍රයේ හැකියාවන්, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්ව හැඟීම් ආදිය මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වේ. මෙවර එම සම්මාන උළෙල පැවැත්වුණේ 19 වන වරට ය.

මේ වනවිට SLT-MOBITEL නවීන තාක්ෂණය හා සේවාවන් ඔස්සේ ප්‍රජාවන් සවිබල ගන්වමින් මෙරට ඩිජිටල් ඉදිරි ගමනේ පෙරමුණ ගෙන සිටී. 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී හිමි වූ මෙම සම්මානය එම මෙහෙවර තවදුරටටත් දිරිගන්වන සාධකයක් වනු නිසැක ය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments