බංගලිදේශය තුල රජයේ රැකියා කෝටාව බෙදාදීමේ අසාධාරණයක් ඇතැයි එය වෙනස් කරන ලෙස ශිෂ්‍ය සංගම් මෙහෙයවු අරගලය එරට අගමැතිනි ෂීක් හෂීනා ඉවත් වෙන්නයි කියන ඉල්ලීම දක්වා දුරදිග ගිය අතර එහිදි ෂීක් හෂීනා අගමැතිවරිය ඉල්ලා අස්වී ඉන්දියාවට පලා ගොස් ලන්ඩන් බලා යෑමට නියමිතය.
පසුව එරට හමුදාපතිවරයා ජාතිය අමතමින් සන්සුන්ව ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යන ලෙසත් අන්තර්වාර පාලනයක් ඇති කරන බවත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීමක් මත පාර්ලිමේන්තුවද ජනාධිපතිවරයා විසින් විසුරුවා තිබෙන අතර කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක්ද පැවත්වීමට නියමිත බව පැවසුවේය. බංගලිදේශයේ කිහිප වරක්ම හමුදා කුමන්ත්‍රණද සිදුවි තිබේ. එරට ප්‍රධාන ව්‍යාපාරයක් ඇඟලුම් කම්හල් වෙත ලැබෙන ඇණවුම්ද මේවනවිට වියට්නාමයට හා ශ්‍රී ලංකාවට ලැබි ඇ ත.
බංගලිදේශයේ අන්තර්වාර රජයේ නායකයා නොබෙල් ත්‍යාග ලාභි මොහොමඩ් යූනිස්, විපක්ෂ නායිකා කලිඩා ෂියාද නිදහස්.
RELATED ARTICLES