26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමෙකුවු ගොතඅසංකගේ ගෝලයෙක් මත්කුඩු හා ජීව උණඩ සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමෙකුවු ගොතඅසංකගේ ගෝලයෙක් මත්කුඩු හා ජීව උණඩ සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට

විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොත අසංකගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වන ප්‍රධාන ගෝලයා ලක්ෂ හතකට ආසන්න හෙරොයින් සහ ජිව උණ්ඩ තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සපුගස්කන්ද පොලිස් වසමේ අංක 132/4, මාහේන පාර, සියඹලාපේ ලිපිනයේ නිවස ඉදිරිපිට දී වැටලීම් සිදුකර ඇත.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44, මිලි ග්‍රෑම් 400 ක්, විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 105 ක්, ජාවාරමෙන් උපයා ගත් මුදලින් රුපියල් 100,000 ක් සහ ජංගම දුරකථන 01 ක් මෙන්ම විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දහම් මාවත, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද මෙම පුද්ගලයා දැනට විදේශිය රටක් වෙත පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොත අසංකගේ මෙහෙයවිම යටතේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරණු ලැබ ප්‍රධාන ගෝලයා බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments