21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඇමැති ටිරාන් අලස් පාස්පෝට් පෝලිමේ ඇත්ත සෙවීමට නිරීක්ෂණ චාරිකාවක.

ඇමැති ටිරාන් අලස් පාස්පෝට් පෝලිමේ ඇත්ත සෙවීමට නිරීක්ෂණ චාරිකාවක.

හැමදාම පෝලිම් පෝලිම් මොකක්ද මේකෙ ඇත්ත තත්වය. ඒක තමයි ඇත්ත තත්වය ඔයගොල්ලන් දැක්කනේ මම ඇත්ත තත්වය කියන්න ඕන නෑ.හැමදාම දැන් ඇත්ත තත්වය මේක තමයි.උදේට ඉන්නවා සෙනඟ.උදේ ඉන්නවා පාස්පෝට් ගන්න අය.අයිඩී කාඩ් ගන්න අය පොලිස් රිපෝට් ගන්න අය.එතකොට රෙජිස්ටර් ජෙනරල් එකට එන අය.ෆොරීන් මිනිස්ට්‍රි එකේ කොන්සියුලර් සෙක්ෂන් එකට එන අය.ඉතිං දැන් අපි කෙරුවේ මේ ගොඩනැගිල්ල වන්ස්ටොප් ෂොප් එකක් කෙරුවා.

ඒකනෙ අපි කෙරුවෙ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේක වන්ස්ටොප් ෂොප් එකක් කෙරුවා.කෙරුවාම මේ ආයතන සියලු දේ මෙතනට ගෙනාව.මෙතනට ගේන්න හේතුව තමයි ඕනම පුද්ගලයෙකුට මෙච්චර කල් එහෙමෙහෙ ඇවිදින්න තිබුණ.පාස්පෝට් එකට මෙතන්ට එනව.බර්ත් සෙටිෆිකට් එකට තව ඔෆීස් එකකට යනව.ඒ ඔක්කොම නැති කරලා එක තැනකට ගෙනාවට පස්සේ ඕනම පුද්ගලයකුට උප්පැන්න සහතිකයේ ඉඳන් මරණ සහතිකය වෙනකන් අවශ්‍ය සියලුම documents ලබාගන්න පුළුවන් එක තැනින්.ඉතින් එතකොට මෙතන සෙනඟ වැඩි වෙනවා.පාස්පෝට් ප්‍රශ්නෙ ආවහම අර සෙනඟ ඔක්කොම පෙන්නලා කියන්නේ මේ පෝලිමේ ඉන්නවා පාස්පෝට් ගන්න කියලා ඉතින් ඇත්ත කතාව.අනික් එක පාස්පෝට් ප්‍රශ්නෙ මම තේරුම් කරලා දෙන්න ඕනේ මේක දේශපාලන වාසි ගන්න විපක්ෂයේ අය පාර්ලිමේන්තුවේ කෑගැහුවට ඇත්ත කතාව අපි පාස්පෝට් කිසිම ටෙන්ඩර් එකක් කතා කරන්නේ නැතුව අවුරුදු විසිතුනක් එකම එක්කෙනාගෙන් අරන් තියෙනවා.

එක පාස්පෝට් එකක් ඩොලර් පහයි ශත අසූ නවය ගානේ අරන් තිබ්බා මේ නෝමල් පාස්පෝට් එක.මේ පාරත් රීඕඩ එකක් කරන්න හැදුවම මම කීවා ඒක කරන්න බෑ වර්ල්ඩ් වයිඩ් ටෙන්ඩර් එකක් කෝල් කරන්න ඕන කියලා.එතකොට කෝල් කරනකොට දැන් ලෝකයේ හොඳම එක තමයි ඊ පාස්පෝට් එක අපි ඊපාස්පෝට් එකටම ටෙන්ඩර් එක කෝල් කෙරුවා.කෝල් කරලා ටෙන්ඩර් එක එවලුවේට් කරලා ඕඩර් එක දීලා අලුත් පාස්පෝට් එක එන වෙලාවට පරණ පාස්පෝට් එක ඉවර වෙන විදිහට තමයි හදලා තිබුණේ.නමුත් අවාසනාවකට වගේ ඒක ඇපිල්බෝඩ් එකට ගිහින් ඒකෙන් සුමාන අටක් පරක්කු වුණා.ඒ සුමාන අටේ පරක්කුව තමයි අපිට මෙතන පියවගන්න වුණේ.ඉතිං එතකොට උනේ පරණ පාස්පෝට් තියෙන ගාන අපි දින ගානෙන් බෙදලා ඒ මොකෝ ඔක්තෝබර් මැද තමා අලුත් පාස්පෝට් එන්නේ.ඒ හින්දා අපි අඩුකරලා අදත් අපි පාස්පෝර්ට් 1090ක්.අලුත් ඊපාස්පෝට් එකට ඉෂූ කරනවා දවසකට.අලුත් ඊපාස්පෝට් එකට අපිට ලැබුණු මිල තමයි ඩොලර් පහයි ශත පහයි.පරණ එක පහයි ශත අසූ නවයකට.ඊට පස්සේ සමහර අය කිව්වා ඇයි පරණ අයගේ තව ටිකක් ගන්නැත්තේ මේ කාලෙ පියවගන්න.අපි ඒගොල්ලන්ට කතා කෙරුවම ඒගොල්ලන් කීවා අඩුම දෙන්න පුළුවන් පාස්පෝට් ලක්ෂ පහයි.පාස්පෝට් ලක්ෂ පහක් කියන්නේ රුපියල් මිලියන 894 ක්.ඉතින් මේ සුමාන දෙක තුන අපි බොහොම අර පරිස්සමෙන් ඉෂූ කරනවද නැත්තං රජයේ මුදල් මිලියන 894 ක් අපතේ යවනවද තව ඕඩර් එකක් දීලා.ඔය තීරණය තමා අපිට ගන්න තිබුණේ.ඉතිං අපි දැන් අලුත් පාස්පෝට් එක එනකන් තියෙන පාස්පෝට් අපි දවසකට 1100ක් විතර ඉෂූ කරලා අපි මෙහෙම කරනවා.ඒක පේනවා ඇති දැන් කෑ ගැහුවා මිනිස්සුන්ට පාස්පෝට් නෑ දැන් ඔබ සියලු දෙනාම දැක්කනෙ දැන්.මේ දිගටම බලාගෙන මම මිනිස්සු එක්ක කතා කෙරුවා මෙතන තත්වය ඇත්ත තත්වය මේකයි.

අලුත් පාස්පෝට් ආපු ගමන් සාමාන්‍ය මට්ටමට එනවා….මුල් හරියේ තදබදයක් තිබුණා.ඒ මොකෝ අපොයින්මන්ට් ගන්න තිබුනේ online එතකොට උනේ මොකක්ද යම්කිසි පිරිසක් එකතුවෙලා.සිම් කාඩ් සීයක් විතර අරගෙන online එකේ අපොයින්මන්ට් ටික ඔක්කොම ඒගොල්ලන් ගත්තා.අරගෙන ජනතාවට හතළිස් පන්දාහ ගානේ අපොයින්මන්ට් එක වික්කා.ඉතිං ඒක හින්ද තමයි මම ඔන්ලයින් අපොයින්මන්ට් ක්‍රමය සම්පූර්ණයෙන් නවත්තලා,අපේ මේ පොලිස් නිලධාරීන් යොදවලා,හරියට ඒ වැඩේ කරන්න පටන් ගත්තේ.ජාවාරමක් කරගත්තා.හැම එකම ජාවාරමක් කරගෙන තියෙන්නේ.ඉස්සර ඉඳන්ම මේ හැම එකම ජාවාරමක්නෙ.පෝලිමක් දැම්මොත් එහෙම පෝලිමට ඇවිල්ලා ඒගොල්ලන් ඉඳගන්නවා.ඊළඟට ඒ තැන විකුණනවා විසිදාහකට ඒ වගේ.ඉතින් ඒක හින්ද තමයි ඔක්කොම පෝලිම චෙක් කරන්නේ අන්තිමේට පොලිස් නිලධාරීන්.හරි පුද්ගලයාට පමණයි පෝලිමේ ඉන්න පුළුවන්.ජනතාව මේක දන්නවා. දැන් කරුණාකරලා දැනුම් දෙන්න මේක විපක්ෂයේ දේශපාලනඥයින්ට.මම කියන්න ඕන නෑ ඕගොල්ලන්ම බලාගන්නකෝ.මම දෙපාර්තමේන්තුවේ අයගෙන් ඇහුවාම පෝලිමේ ඔහොම කෑගහන අය ඉන්නවද ඇතුලට ගත්තහම ඒ කෑගහපු අය නෑ.

පෝලිමේ කෑගගහා ඉන්නවලු.ඊළඟට ඇතුලට ගත්තහම ඒ කෑගහපු මිනිස්සු නැහැල්ලු.ඒ ඉතින් මේ කෑ ගහන්නම එවපු මිනිස්සු.පාස්පෝට් ගන්න ආපු මිනිස්සු නෙවෙයි.හැම එකම එහෙමනේ නැතුව දැන් මේ පාස්පෝට් එක මෙච්චර හරියට කරපු එක.මොන තරම් කතා දැන් පාර්ලිමේන්තුවේ කිව්වද.අන්තිමට අර මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා කියනවා.ජනාධිපති ලේඛමුයි මගේ අතරෙ ප්‍රශ්නයක් තියෙනවලු කාටද දෙන්නෙ පාස්පෝට් එක.ඔක්කොම පට්ට බොරු කතානේ කියන්නේ.ඉතිං ඒ තනිකර දේශපාලනය.මම නම් ඔය චෝදනා තුට්ටු දෙකකට ගණන් ගන්නේ නෑ.මම කුඩු නවත්තන්න ගියාමත් චෝදනා කෙරුවනේ.ජාත්‍යන්තරයේ ඔක්කොම මට බලපෑම් කෙරුවනේ.ඒ ඔය වගේ මිනිස්සුනේ.කුඩු ව්‍යාප්ත කරන්න දඟලන මිනිස්සුනේ.ජනාධිපතිවරණයට මේකෙන් කිසිම බලපෑමක් වෙලා නෑ මහජනතාව දන්නවා.ඔය විපක්ෂයේ ඉන්න අය ඔළුවෙන් හිටගෙන කතා කළත් මහජනතාව දන්නවා මොකක්ද වෙන්නේ කියලා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments