29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්ශ‍්‍රී ලංකා පිළට දකුණු අපි‍්‍රකාවේදී දරුණු ටෙස්ට් පරාජයක්

ශ‍්‍රී ලංකා පිළට දකුණු අපි‍්‍රකාවේදී දරුණු ටෙස්ට් පරාජයක්

දකුණු අපි‍්‍රකාව හමුවේ දරුණු ටෙස්ට් කි‍්‍රකට් පරාජයකට මුහුණ දීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සිදුවුණා. ඒ, සෙන්චූරියන්හි පැවැති දෙරට අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදීයි. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 396 ක් රැස්කළ අතර දකුණු අපි‍්‍රකාව සිය පළමු ඉනිමට ලකුණු 621 ක් රැස්කළා. සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාවට සියලූදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 180 ක් පමණයි.

එහිදී කුසල් ජනිත් පෙරේරා, ලකුණු 64 ක් රැස්කළ අතර සිය මංගල ටෙස්ට් තරගයට කී‍්‍රඩා කළ වනිඳු හසරංග සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් වේගවත් ලකුණු 59 ක් රැස්කළා. ඒ අනුව දකුණු අපි‍්‍රකාව තරගය ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 45 කින්. 

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයින් 11 දෙනාගෙන් 05 දෙනෙකුම ආබාධවලට ලක්වීම කැපී පෙනෙන සිද්ධියක් වුණා. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments