22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්මේ වසරේ පළමු මාස 9ට සාත්තු සේවකයින් 862 ක් ඊශ්‍රායලයට...

මේ වසරේ පළමු මාස 9ට සාත්තු සේවකයින් 862 ක් ඊශ්‍රායලයට…

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ කාන්තාවන් 21 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම (04) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුවිය.මෙම පිරිස ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා හිමිවූ 135 වන කණ්ඩායම වන අතර, ඔවුන් ඔක්තොම්බර් මස 07 දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවන අතර, එම අවබෝධතා ගිවිසුම අනුව මේ වන විට ලාංකිකයින් 1696 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිව තිබේ.  මේ දිනවල ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්වය හමුවේ එරට රැකියාවල නිරතව සිටින ශ්‍රි ලාංකිකයින්ට කිසිඳු කරදරයක් සිදුවී නොමැති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් තහවුරු කර තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments