පැතිකුදය රෝගය සම්බන්ධයෙන් මෙරට නිසි වැඩපිළිවෙලක් නැති අතර ඒ සඳහා ප්‍රතිකාර ක්‍රමයක් සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට අවශ්‍ය බලධාරින් සිටි නම් ඊට උපකාර කරන්න තමා සූදානම් බව වෛද්‍ය නිල්මිණි විතාන මහත්මිය පැවසුවාය.
ඒ මහත්මිය මේබව සඳහන් කළේ ඉකුත්(04) කොල්ලුපිටියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්ය. පැතිකුදය රෝගයෙන් පෙලෙන රෝගීන් තමන්ට දෙදහස් පන්සීයක් පමණ මෙරට හමුවි තිබෙන අතර මේ රෝගය සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමවේදයක් නොමැති නිසා රෝගීන් හා ඔවුන්ගේ භාරකරුවන් දැඩි සිත්තැවුලට වගේම කම්පනයට පත්වි සිටින බව ඈ පෙන්වාදුන්නාය. මේ රෝගය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට විදේශ රටකට යෑමට විශාල මුදලක් යන බැවින් දැනට අපේ අසල්වැසි රටේ හොඳම වගේම අපිට උදව්කිරීම කැමැති එස්.කරුණාකරන් මහතා වැනි දක්ෂ වෛද්‍යවරු තෝරාගෙන සිටින බව කීවයා.
වෙනත් රෝග සම්බන්ධයෙන් රජයත් සම්බන්ධවී ප්‍රචාරක කටයුතු සිදුකෙරෙනවා. මෙම පැතිකුදයට එවැනි අවධානයක් නෑ. දැන් දැන් මේ රෝගීන් වැඩිවෙමින් තිබෙන අතර ගැහැණු දරුවන් තමයි වැඩියෙන් මේ රෝගයට ගොදුරුවි සිටින්නේ. ඒ නිසා සිංහ සමාජයත් සමග සාකච්ඡා කළාම ඒ අය මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට යම් සහයෝගයක් ලබාදීමට කැමැත්ත පළ කිරීමෙන් පසු මට හැකියාව ලැබුණා පුළුල්ව මේ රෝගය ගැන සාකච්ඡා කරන්නත් රෝගීනට යම් උදව් උපකාර කිරීමටත්.
Scoliosis ඕනෑම වයසකදී ප්‍රතිකාර කොට සුව කළ හැකි අතර මෙවැනි රෝගීන් අප ළඟට පැමිණියොත් ඒ අයට මෙම රෝගය සුව කර ගැනීමට අවශ්‍ය උපදෙස් හමුවිය යුතු වෛද්‍යවරු හා යන්න අවශ්‍ය රටවල් පිළිබඳවද උපදෙස් දෙනවා. මෙම රෝගය පිළිබඳ ඒකකයක් ජාතික රෝහලේ හෝ පිහිටුවා ස්ථාපිත කරන්න තිබෙනවා නම් හොඳයි ඒ සඳහා බලධාරින් අවධානය යොමු කරනවා නම් මම සූදානම් ඊට සහයෝගය ලබාදෙන්න. දැනට මෙම රෝගීන්ට ප්‍රතිකාර ගැනීමට මාර්ග උපදෙස් ලබාදෙන අතර මුදල් අග හිඟ තිබෙන අයට අපි ඒ සඳහා අරමුදල් රැස් කරගැනීමටද අපි සහයෝගය ලබාදෙන අතර සහන මිලට ප්‍රතිකාර ගැනීමටද අප සහය ලබාදී තිබෙනවා.
මේ අවස්ථාවට MGM Helth care (India)ආයතනයේ කොඳු ඇට පෙළ රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය එස්.කරුණාකරන් මහතා තමා විසින් ශල්‍ය කර්මයට භාජනය කොට පැතිකුද රෝගයෙන් අද සම්පූරණ සුවපත් බව ලබාගෙන සාමන්‍ය ජීවනරටාවකට පැමිණ සිටීන රෝගීන් තිදෙනකු මෙහිදි හඳුන්වා දුන් අතර මෙම රෝගය පිළිබඳවද කෙටි විස්තරයක් මෙම වෛද්‍යවරයා සිදුකළේය.
මීට ඉන්දියාවේ MGM Health care Issac associate vice president International ජේෂ්වා මහතාද
ඉන්දියාවේ my care නිර්මාතෘ සේනු සෑම් මහතාද එක්වූහ.

