ශමීර නාඔටුන්න අධ්යක්ෂණය කල සිය දෙවන සිනමා නිර්මාණය වූ “සිහින නෙළුම් මල් ” චිත්රපටයේ සාර්ථක 50 වන දින සැමරුම පසුගියදා පී.වී.ආර්. සිනමා ශාලා පරිශ්රයේදි චාම් ලෙසින් පැවැත්වින . එම අවස්ථාවට චිත්රපටයේ රඟ පෑ රංගන ශිල්පීන් රැසක් එක්විය . විවාහක යොවුන් පරපුර අතර නිරන්තරයෙන් මතුවන , පවුල් සංස්ථාව දෙදරා යාමට පවා ඉවහල් විය හැකි කාලීන ගැටළුවක් පිළිබඳව සිනමාරූපි ලෙසින් තිරයට පිවිසි මෙහි රංගනයෙන් හේමාල් රණසිංහ , දුෂේනි සිල්වා , උමාලි තිලකරත්න , වීනා ජයකොඩි, ශ්රියාණි අමරසේන , කළන ගුණසේකර , මයුර කාංචන , ප්රියන්ත සෙනෙවිරත්න ,දයාදේව එදිරිසිංහ වැනි ප්රවීණ රංගන ශිල්පීන් රැසක් එක්විය . මිලින්ද තෙන්නකෝන් ගේ මියුරු සත්සර ස්වර රටාවන්ගෙන් අලංකාර වූ ” සිහින නෙළුම් මල් ” වරුණ අරඹගේ නිෂ්පාදනයකි.








ඇන්ටන් ජේ. ප්රනාන්දු
ඡායාරූප – පසිඳු දිල්ශාන් වේරගොඩ.