22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්සිනමා අඹරට" රොකට් " එකක්.........

සිනමා අඹරට” රොකට් ” එකක්………

ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශ කතාවට ප්‍රථම වරට එක්වන පාසැල් ළමුන්ගේ නිර්මාණ දායකත්වයෙන් පමණක්ම නිමැවුන ” රොකට් ” සිනමා පටය එළැඹෙන (25) සිට තිරගත වීමට නියමිතව ඇති අතර , මෙහි අධ්‍යක්ෂ දෙනුවන් සමරසිංහ (20) ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙසටද ඉතිහාස ගතවනු ඇත . රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලීය – සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමය ඉදිරිපත් කරන ” රොකට්” සිනමා පටය සඳහා පාසැලේ සියළුම සිසු දරු දැරියන්ගේ සහ ගුරු භවතුන්ගේ පූර්ණ දායකත්වය හිමිවී ඇති අතර , සීවලී විද්‍යාලයේ විදුහල්පති කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතාගේ ආශිර්වාදය මත , එහි නර්ථනය , නාට්‍ය හා රංග කලාව විෂය භාර සකුන්තලා මුණසිංහ මහත්මියගේ අධීක්ෂණය හා මග පෙන්වීම මත ” රොකට්” නිර්මාණය වී ඇත .
මෙහි රංගනයෙන් කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත , අමිල තන්ඩක්කාර , නදුන් දර්ශන ,චතුරංග එරබද්ධ , ලෙවුහාන් මහවත්ත , උපාලි පිටිගල , පාලිත රණතුංග , රුවන් වඩුගේ , පුෂ්පකුමාර හෙරස් , සකුන්තලා මුණසිංහ , සනත් ලාල් කන්දේවත්ත ඇතුළු පිරිසක් එක්ව ඇති අතර , පූර්ව ප්‍රචාරක පට නිර්මාණයෙන් සහ තිර පිටපත් රචනයෙන් නදුන් දර්ශන ප්‍රේමතිලක , කැමරාකරණයෙන් රුක්ෂාන් සංජය , සහය අධ්‍යක්ෂණයෙන් හා නර්ථන වින්‍යාසයෙන් නදීර නදීශාන් , සංස්කරණයෙන් දෙනුවන් සමරසිංහ , කලා අධ්‍යක්ෂණයෙන් චන්දික ද සිල්වා , සංගීත අධ්‍යක්ෂණයෙන් චන්දිප පතිරණ , ගී පද රචනයෙන් ඒරන්ද පුෂ්පකුමාර , ගීත ගායනයෙන් චානක නාගොඩ , කලාරා ආවිනි , මියුරු සෝමරත්න සහ චමල්කා ගයාති ද , ගී තනු නිර්මාණයෙන් පසිඳු ගිම්සර ඇතුළු පිරිසක් දායකත්වය දක්වා ඇත . පිය පුතු අතර ඇති දාරක සෙනෙහස මෙන්ම , නොසැලෙන අධිෂ්ඨාන ශක්තිය තුලින් තම අරමුණු සාක්ෂාත් කරගන්නා අයුරු ” රොකට් ” චිත්‍රපටය සඳහා කතා තේමාව වී ඇත .

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments