22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්දෙරණ ලක්ස් හෙට සිනමාව..

දෙරණ ලක්ස් හෙට සිනමාව..

ඉකුත් 2023 වසරේ තිරගත වූ චිත්‍රපට වෙනුවෙන් පැවැත්වෙන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලට සමගාමීව පැවැත්වෙන , හෙට දින සිනමාව ලාංකීය චිත්‍රපට උළෙල එළැඹෙන නොවැම්බර් 02 සහ 03 දිනයන්හීදී මරදාන සිනෙසිටි සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත . ඒ අනුව ,නොවැම්බර් 02 වන දින උදැසන 10.30 ට මේඝ සූරියආරච්චි අධ්‍යක්ෂණය කල ” මැරීන් ඩ්‍රයිව් ” , එදින සවස 2.00 ට රුක්මල් නිරෝෂ් අධ්‍යක්ෂණය කල ” අවාළු පැහැ වලාකුළක් ” ද , නොවැම්බර් 03 වන දින උදැසන 10. 30 ට ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කල ” ශේෂ ” සහ එදින සවස 2.00 ට ඉලන්ගෝ රාම් අධ්‍යක්ෂණය කල “නෙළුම් කුළුණ” යන චිත්‍රපට තිරගත කිරීමට නියමිතව ඇත . මෙම සෑම චිත්‍රපටයක් අවසානයේදීම අධ්‍යක්ෂවරයා එහි ප්‍රධාන නළු නිලියන් හා ප්‍රේක්ෂකයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර , ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇති මෙම චිත්‍රපට සියල්ල එම දිනයන් තුල ප්‍රේක්ෂක සැමට නොමිලේ නැරඹීමට පහසුකම් සලසා ඇත.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments