BMS Campus ඉතා අභිමානවත් හා නිරහංකාරව සිය රිදි ජුබිලිය සමරන්නේ දැයේ දූදරුවන් නව ලොව විශ්ව දැනුමින් පෝෂණය කළ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසය. ජාතියේ ජීවනාලිය බඳු දැයේ දූදරුවන් නුවණින් පෝෂණය කිරීම මගින් රටක සංවර්ධනය ගමන සාක්ෂාත් කර ගැනීමේ එක් ක්‍රමෝපායකී.
එම භාරදූර කාර්ය අනෙක් විශ්ව විද්‍යාල පද්ධතිය සමග එක් ජාත්‍යාන්තර අත්දැකීම් ලබාගෙන එම ක්‍රමවේදයන් ශ්‍රී ලාංකේය ජාතිය හඳුන්වා දෙමින් BMS Campus අතිසාර්ථක විසිපස්වසරක සිය සේවාව පසුකරමින් සිටියි. දිනෙන් දින යාවත්කාලීන වන නව ලොව දැනුමෙන් අපේ දූදරුවන්ගේ නුවණැස පහදන්න BMS Campus ගත් අප්‍රතිහත උත්සහය කෙබඳුවේද, එය නොනිමි මෙහෙවරක් ලෙස තවත් ඉදිරියට යමින් දිනෙන් දින එම දැනුම ලබාගැනීමට තිබෙන අවස්ථා පරිමාව පුළුල් කරමින් ඔබටද ඔබේ දරුවන්ටද BMS Campus දැන් දොරටු විවර කර ඇත. ලොව දිනන මග පෙන්වන්න BMS Campus හී ආචාර්ය මඩුල්ල ,උපදේශකයින් කළමනාකරුවන් මාධ්‍ය වෙත ඉකුත් (18) කරුණු ගෙන හැර පෑවේහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS Campus ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ වන විට ශිෂ්‍යයන්ගේ හා දෙමාපියන්ගේ ආදරය,විශ්වාසය දිනාගෙන තිබෙනවා.
BMS Campus හි සුවිශේෂීම ලක්ෂණය වන්නේ වෙනස් වන අවශ්‍යතා සපුරාලමින් ඉගෙනුම් භාවිතයන් සඳහා ඇති කැපවීමයි.
BMS Campus ජාතික විශ්වවිද්‍යාල සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නන් අතරින් ඉදිරියෙන්ම සිටින උසස් අධ්‍යාපන අයතනයක් වන අතර, මේ සහයෝගීතාවය වඩාත් තහවුරු කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් මහතා BMS Learner Magazine වෙන එවූ පණිවිඩයේ සඳහන් වූයේ BMS Campus ආයතනය ජාතික විශ්වවිද්‍යාල හා සම්බන්ධ වී එහි අධ්‍යාපනය ලබන සිසුන්ට විශිෂ්ට ඉගෙනුම් අත්දැකීමක් ලබා දීම සඳහා ආදර්ශ සකස් කර ඇති බවයි.
විශේෂයෙන්ම වසරේ නවීන පර්යේෂණ විශ්ව විශ්වවිද්‍යාල සහ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයක් ලෙස නම් කර ඇති එංගලන්තයේ ඇති Nothumbria විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව කටයුතු කරයි. මෙම හවුල්කාරීත්වය බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකා TNE පර්යේෂණ වාර්තාවේ 2024 සිද්ධි අධ්‍යනයක් ලෙස සටහන් කර ඇත.
BMS Campusහි උපාධිධාරී සිසුවෙක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ research assistant කෙනෙකු ලෙසත් තවත් උපාධිධාරියෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලය හා සම්බන්ධ වූ බවත් නිහතමානීව ආඩම්බර වෙමින් ප්‍රකාශ කරන්නේ වසර විසිපහක කාලයක් සාර්ථක උපාධිධාරීන් බිහි කළ බව මනාව පසක් කරමිනි.
ඒ වගේම නව උපාධි වැඩසටහන් වල මීළඟ අදියරේ දී BMS Campus හා Teesside-UK විශ්ව විද්‍යාලය සමඟ එක්ව පිළිකා හා අණුක රෝග විනිශ්චය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් පිරිනමන බව සතුටින් දැනුම් දෙමු.
BMS කැම්පස් අපගේ හවුල්කාර හා වෘත්තීය ආයතන වලින් දේශීය හා ගෝලීය සම්මාන හා ප්‍රශංසා වලින් ගෞරවාදරයට පත් වී ඇති අතර එයට 2022 වසරේ BTEC Bronze සම්මානය ඇතුළන් වේ. එය ලොවපුරා BTEC මධ්‍යස්ථාන සියයකට අධික සංඛ්‍යාවක් සමඟ තරඟ වදිමින් ශ්‍රී ලංකාවේ ආයතනයක් ලබා ගත් පළමු සම්මානය වේ. තවද දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මානය 2022 වසරේදී BMS කැම්පස් ලබාගෙන ඇත.
මෙම බී.එම්.එස්. පෞද්ගලික විශ්වවිද්‍යාලයට වසර විසිපහක් සපිරීම නිමිත්තෙන් පසුගිය (18) එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී මෙම විශ්වවිද්‍යාලයේ සභාපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන, බී.එම්.එස්. මෙම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිශාම් රසාක් මහතා මෙම විශ්වවිද්‍යාලයේ විසිපස් වසරක සාර්ථකත්වය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දැක්වීය.
සිංගර් ෆිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාන් අමරසූරිය මහතා සහ මෙම විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අංශයේ පීඨාධිපති ආචාර්ය මනිල් ද මෙල් මහතා විසින් මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන සිසුන්ට සහනදායී ණය පහසුකම් ලබාදීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ. .
කොළඹ සොයිසා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා ද මෙම විශ්වවිද්‍යාලයේ විශේෂත්වය පිළිබඳව අදහස් පළ කළේය.