Evaluation Speech) ප්‍රථම ස්ථානය යාසිව් රසාක් (Yasiv Razzak) සහ දෙවන ස්ථානය දිනාගත් යූසුෆ් සුබ්රි (Yoosuf Zubry) තුන්වන ස්ථාන දිනාගත් මෂින් හුසේන් යන ජයග්‍රහයකයන් ප්‍රධාන ආරාධිතයන් සමඟ.

2017 ජාත්‍යන්තර ටෝස්ට් මාස්ටර් සංගමයේ හිටපු සභාපති අරුණාසලම් බාල්රාජ් මහතාට කොළඹ ටෝස්ට් මාස්ටර් සංගමයේ අධ්‍යක්ෂ කසුන් විජේතිලෙක මහතා උපහාර සමරු තිළිණය ප්‍රදානය කිරීම.අධ්‍යක්ෂ ලලිත් මානගේ මහතා ද ඡායාරූපයේ වේ.
වසර 101 පැරණි ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර්ස් (Toastmastets International ) සංගමයට අනුබද්ධ ශ්‍රී ලංකාවේ ටෝස්ට්මාස්ටර් දිස්ත්‍රික් 82 මෙහෙය වූ 2025 පොදු අවකාශ කථන තරඟාවලියේ (Public Speaking) ත්‍යාග ප්‍රදානෝත්සවය එම සංගමයේ හිටපු අන්තර්ජාතික සභාපති අරුනාසලම් බාල්රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ දී පැවැත්වුණි.
එහි දී ඇගයීම් කථන (Evaluation Speech Contest) හාස්‍යජනක කතා (Humorous Speech Contest )යන අංශවල තරග කාණ්ඩ හතරකින් මෙම තරග පැවැත් වූ බව කලාපීය අධ්‍යක්ෂ කසුන් විජේතිලක (Kasun Wijetilleke) මහතා පැවසීය.
මෙහි දී Division F අංශයේ හාස්‍යජනක කතා තරඟයේ (Humorous Speech ) ප්‍රථම ස්ථානය ටීනා ඇන්ඩර්සන් ( Tina Anderson ) ද ඇගයුම් කතා අංශයේ (Evaluation Speech) ප්‍රථම ස්ථානය යාසිව් රසාක් (Yasiv Razzak) ද Division I අංශයේ හාස්‍යජනක කතා තරගයේ (Humorous Speech) ප්‍රථම ස්ථානය (Yuki Ranathilake) යූකී රනතිලක ද ඇගයුම් කතා අංශයේ (Evaluation Speech) ප්‍රථම සථානය අබුබකර් රාසා (Aboobucker Raza) දිනා ගත්හ.

තරගාවලියට සහභාගී වූ පිරිස සහ උත්සවයට සහභාගි වූ සියලු ප්‍රභූන්ගේ සමූහ ඡායාරූප




