26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedවතු කම්කරු විරෝධයකට විසදුම් දෙන්න හිටපු ඇමති මනුෂ මැදිහත්වෙයි

වතු කම්කරු විරෝධයකට විසදුම් දෙන්න හිටපු ඇමති මනුෂ මැදිහත්වෙයි

නාකියාදෙණිය වතුයායේ කටුපොල් වගාවේ සේවයේ නිරත වතු සේවකයින්ට වැටුප් වැඩි නොකිරීම නිසා දින 18 ක් තිස්සේ ක්‍රියාත්මක විරෝධතාවක් විසදීම සදහා කම්කරු සහ විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මැදිහත් විය.

දිනකට කටුපොල් කිලෝ 200 ක අස්වැනක් නෙළූ විට රුපියල් 1000 ක වැටුපක් ගෙවූ අතර, මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී එම මූලික වැටුප 1350 දක්වාත්, ඵලදායිතාව මත 1750 දක්වාත් වැටුප් ඉහළ දැමීමට කටයුතු කරනු ලැබීය.

එහෙත් මෙම මූලික වැටුප ඉහළ දැමීම සදහා වතු පාලකයින් කටයුතු නොකිරීමට එරෙහිව වතු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි. මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අතරවාරයේදී නාකියාදෙනිය වතුයායට ගිය මනුෂ නානායක්කාර මහතා මෙම ගැටලුව විසදීමට මැදිහත් වූවේය.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සමග දුරකතනයෙක් සාකච්චා කරමින් මෙම ගැටලුවට කඩිනම් විසදුමක් ලබාදීම සදහා ඔහු මැදිහත් විය.

ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හරහා මේ සදහා කඩිනම් විසදුමක් ලබාදීමටද මෙහිදී අවධානයට ලක්විය.තමන් ලංකා කම්කරු කොංග්‍රසය හරහා දේශපාලනයට පිවිසි බව සිහිපත් කළ මනුෂ නනායක්කාර මහතා තමන් සෑම විටම වතු කම්කරු ගැටළුවලදී ප්‍රගතිශීලී විසදුම් ලබාදෙන බවටද සහතික විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments