21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsහරක් කටාගේ හා ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලවල සිටින සිටිස දෙදනකු රුපියල් කෝටි...

හරක් කටාගේ හා ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලවල සිටින සිටිස දෙදනකු රුපියල් කෝටි විස්සකට අධික මත්ද්‍රව්‍ය තොග සමග එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගොලයා වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන පුද්ගලයෙකු රුපියල් කෝටි විස්සකට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් හා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව පොලිස් වසමේ බොරලැස්ගමුව, 10 කණුව හංදිය මාර්ග සංඥා කුළුණ අසල ලංකා බේන් හවුස් සහ හෝටලය ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙකු වන ආමි චුටි නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකු වන ධම්මික සමන් කුමාර නැමැත්තා හෙරොයින් කිලෝ 06, ග්‍රෑම් 910 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 17 ක් සමග ලොරි රථයක් හා යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට හෙරොයින් රුපියල් කෝටි විස්සකට ආසන්න වටිනාකමකින් යුතු වන අතර අයිස් මත්ද්‍රව්‍ය වල ආසන්න වටිනාකම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් බවට අනාවරණය වී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගනේමුල්ල සංජීවගේ සහ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කලන නැමැත්තා ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන කුඩු රැජින දේවි ලක්ෂ විසිහතරක්වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (29) පෑලියගොඩ පොලිස් වසමේ අංක 247/ඒ, නුවර පාර, පෑලියගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී වටිනාකම ලක්ෂ විසිහතරක් වටිනාඅයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201ක මිලි ග්‍රෑම් 800 ක් සන්තකයේ තබාගෙන සිටි කුඩු රැජින ලෙස හදුන්වන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරීමේදී දැනට බුස්ස රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගනේමුල්ල සංජීව යන අයගේ සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ විදේශ ගතව සිට මෙහෙයවනු ලබන කලන නැමැති පුද්ගලයාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍ර‍ධානතම සාමාජිකාවක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments