කෝටි දෙසීයකට අසන්න වටිනාකමකින් යුත් 54කි.ග්‍රෑ ප්‍රමාණයකින් යුතු මෑත කාලයේ අත්අඩංගුවට විශාලම හෙරෝයින් ප්‍රමාණය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සෙවණගල පොලිස් වසමේ අංක 235/1, පලවන පටුමග, නුගේ ගලයාය, කිරිවැව, සෙවනගල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ඉහත ලිපිනයෙහි පිහිටි නිවස හා භුමිය පරික්ෂා කිරිමේදි එම මිදුලේ වලදමා තිබියදි සොයාගත් ප්ලාස්ටික් බහාලුම් තුනක් තුල සුක්ෂමව සගවා තිබූ හෙරොයින් කිලෝ 53, ග්‍රෑම් 65 ක් සමග එම නිවසේ පදිංචි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.
තවද ඉහත අත්අඩංගුවට ගත් සැකකාරිය 30 විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් පිළියන්දල ප්‍රදේශයේදි හෙරොයින් සමගින් අත්අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාර යන අයගේ සහෝදරිය බවට වැඩිදුර විමර්ශන වලදි අනාවරණය වි ඇත.