26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමක්..

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමක්..

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු පිලිබඳ ද්වි පාර්ශවීය සහයෝගීතාවය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය 30 වෙනිදා රුසියාවේ මොස්කව් නුවරදී සිදුවිය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් රේගු අධ්‍යක්ශ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතාද, රුසියානු සමූහාන්ඩුව වෙනුවෙන් රුසියානු පෙඩරල් රේගු සේවයේ ප්‍රධානී වී.අයි.පිකලොව් මහතාද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

ද්විපාර්ශවීය වෙළඳ ගනුදෙනු වලදී රේගු කටයුතු නීත්‍යානුකූලව හා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කරගැනීම මේ තුලින් බලාපොරොත්තු වන අතර එය දෙරට අතර වෙළඳාමේ වර්ධනය සඳහා සෘජුවම බලපානු ඇතැයි බලාපොරොත්තු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments