අධි ආරක්ෂිත යාල රක්ෂිතයට ඇතුළු වී රක්ෂිතයේ අක්කර දෙකක පමණ ප්‍රදේශයක් එළි පෙහෙලි කර ජෛව විවිධත්වය ට හා ස්වාභාවික පරිසරයට දැඩි හානි සිදුකරමින් හොර රහසේ ගංජා වගා කල පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මොණරාගල කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධීක්ෂණයෙන් බුත්තල කඳවුරේ උප පොලිස් පරීක්ෂක පි.එස්.ආර්. ගීතදේව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) ගෝනගංආර පොලිස් වසමේ යාල රක්ෂිතයේ වෙහෙරගල ප්‍රදේශයේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.
එහි දී යාල රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවී අක්කර 02 ක පමණ රක්ෂිතය එලි පෙහෙලි කර අධි ආරක්ෂිත රක්ෂිතයේ ජෛව විවිධත්වයට හා ස්වාභාවික පරිසරයට දැඩි හානි සිදුකර නීති ව්රෝධීව වගාකර තිබු උස අඩි 06 ක් පමණ වූ ගංජා ගස් 42,380 ක් සහිත හේනක් සමග තණමල්විල, සුරියආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 52 පසුවන වයස අවුරුදු 30 ක පුද්ගලයෙකු සමග අක්කර 01 ක පමණ ප්‍රදේශයක සරුවට වගා කර තිබූ උස අඩි 04 ක් පමණ වූ ගංජා පැළ 22,450 ක් සහිත වගාවක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් ලෙස ගංජා ගස් 20 ක් හා සැකකරුවන් ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කර ඇත.
තව දුරටත් මෙම අධිආරක්ෂිතය රක්ෂිතය ආරක්ෂා කර ගැනීම සදහා සහ නීති විරෝධි ක්‍රියා වැලක් වීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ලබයි.
කිසියම්අපරාධයක් අපරාධයක් කිරීමේ අරමුණින් මයික්‍රෝ වර්ගයේ නවීන පිස්තෝල අවියක් සහ එම උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය බාර පොලිස් අධිකාරී ඒ.එස්.පී. ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් අම්පාර කදවුරේ පොලිස් පරීක්ෂක ඊ.පි.ඒ.එන්. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17 ) ඉගිනියාගල පොලිස් වසමේ අංක 1/111 ඩී 1, වාවින්න, අම්පාර ලිපිනයේ පිහිටි නිවස සහිත ඉඩමේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක්, එම අවියට සම්බන්ධ කල හැකි පතොරම් ගැබ් 02 ක්, 9X18 මිලි මීටර් ජීව උණ්ඩ 128, 9X19 මිලි මීටර් ජීව උණ්ඩ 15 හා T56 ගිනි අවි පිරිසිදු කිරීමේ උපකරණ කට්ටලයක් සන්තකයේ තබාගෙන සිටි අම්පාර ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 51 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉගිනියාගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ලක්ෂ හයක වටිනාකමකින් යුතු හෙරොයින් සහ ලක්ෂ පහලොවක් පමන වටිනාකමකින් යුත්අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයකු අහුංගල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අහුංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් අහුංගල්ල කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.ජී.ඩී. වීරසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) අහුංගල්ල පොලිස් වසමේ පාතමුල්ල, බලපිටිය ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100, මිලි ග්‍රෑම් 850 ක් හා හෙරොයින් ග්‍රෑම් 25, මිලි ග්‍රෑම් 110 ක් සන්තකයේ තබාගෙන සිටි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
