අද (27) උදෑසනවනවිට සහල් මෙට්‍රික් ටොන් 72000 ක් ආනයනය කර රේගුව හරහා නිශ්කාෂනය කර තිබෙන අතර ඉන් මෙට්‍රික් ටොන් 32000ක් කැකුලු සහල්ද 40000ක් නාඩු සහල්ද වන බව රේගු අතිරේක අධ්‍යක්ෂ ජනාරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව සහල් ආනයනය සඳහා රජය විසින් දී තිබූ කාලය ලබන (10) දක්වා දීර්ඝ කර කිරීමත් සමග මෙම නිෂ්කාශනය කටයුතු ආරම්භ කර තිබෙන ඒ මහතා කියා සිටියි.
ජනාධිපති තුමන් මුදල් අමාත්‍ය වරයා ලෙස ගැසට් නිවේදනයක් මගින් මෙසේ කාලය දීර්ඝ කිරීම සිදු කර තිබෙන අතර ඒ අනුව අද දින සිට නැවතත් සහල් නිශ්කාශනය රේගුව විසින් ආරම්භ කර තිබෙන බවද
ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් හා ශාඛ නීරෝධායන නිලධාරීන් ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටක් පවසයි.