29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රි ලාංකිකයින් 79ට දෙවන වරටත් ඊශ්‍රායලයේ රැකියා වරම් උදාවේ...

ශ්‍රි ලාංකිකයින් 79ට දෙවන වරටත් ඊශ්‍රායලයේ රැකියා වරම් උදාවේ…

නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකික පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

තරුණයින් 79 දෙනෙකු වෙත මෙම රැකියා අවස්ථා හිමිවූ අතර, මොවුන්ට ඊශ්‍රායලයේ වසර 5කුත් මාස 3ක සේවා කාලයක් හිමිවේ.

කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා අතින් මෙම ගුවන් ටිකට්පත් ප්‍රදානය කරන ලදී. මේ වන විට මතභේදයට තුඩු දී ඇති ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියා සඳහා විදේශ ගතවීමට අපේක්ෂාවෙන් පසුවන රැකියාලාභීන් සඳහා නව රැකියා අවස්ථා උත්පාදනය කරදීමෙහිලා මෙම ශ්‍රමිකයින්හට සන්නාම තානාපතිවරුන් වශයෙන් කටයුතු කළ හැකි බව සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එබැවින් ශ්‍රි ලාංකිකයින් වශයෙන් මව්බිමේ ගරුත්වය ආරක්ෂාවන පරිදි වගකීමෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් වික්‍රමසිංහ මහතා රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම පිරිස දෙසැම්බර් මස 28 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

මේ අතර, ඊශ්‍රායලයේ රැකියා සඳහා අයදුම්කර ඇති ශ්‍රමිකයින්ට සිය ලිපිගොනුවේ තත්වය ස්වයංව පරික්ෂා කර ගැනීම සඳහා www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියේ නව ද්වාරයක් කාර්යාංශය විසින් හඳුන්වා දී තිබේ. මෙම තොරතුරු ලබා ගැනීමට කාර්යාංශ වෙබ් අඩවියට පිවිස “බදවා ගැනීම්” යටතේ ඇති  ~ඊශ්‍රායලය| යන ද්වාරය තෝරාගෙන ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සහ අනෙකුත් අදාළ දත්ත ඇතුළත් කර අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී. සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දෙන මෙම සේවාව අවශ්‍යතාවය මත ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments