21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeආගමික25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදි පැවැත්වෙයි..

25 වැනි සණස නෙළුම් මල් පූජාව මෙවරත් අනුරාධපුර පූජා භූමියේදි පැවැත්වෙයි..

පුරා වසර 25ක් අඛණ්ඩව සණස ව්‍යාපාරය මඟින් වාර්ෂිකව අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන ලද නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 25 වැන්න, මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ පරිශ්‍රයේ දී හා රුවන්වැලි මහා සෑ රඳුන් පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත්පතා වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පුන්‍යකර්මය සෑම වසරකම ජනවාරි මස මුල් සති අන්තයේ සණස ව්‍යාපාරයේ මූල බීජයන්වන එක් එක් සණස සමිතිවල ප්‍රධානත්වයෙන් ක්‍රමානූකූලව සංවිධානය කරනු ලබයි.

කුරුණෑගල මහා සංගමයේ මූලකත්වයෙන් පවත්වන මෙවර සණස නෙළුම් මල් පූජාව 4, 5 යන දිනයන්වල අනුරාධපුර සමාධි පිළිමය පාමුල, ජය ශ්‍රී මහා බෝධිය අභියස හා රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවැත්වීමට නියමිතය. සාම්ප්‍රදායික වත්පිළිවෙත් වලට මුල්තැන දෙමින් පවත්වනු ලබන මෙම පුන්‍ය කර්මය සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට සමාධි පිළිමය පාමුල අධ්‍යාත්මික වැඩසටහනක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වන මෙම පුණ්‍යෝත්සවය 4 වන දින අළුයම සමාධි පිළිමය පාමුල අධ්‍යාත්මික වැඩසටහනින් ආරම්භ වී එදින සවස් යාමයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස නෙළුම් මල් පූජාව පවත්වා 5 වන දින අළුයම රුවන්වැලි මහ සෑරඳුන් උදෙසා කිරි ආහාර පූජාව සහ එදින දහවල් අභයගිරිය දානමය පිංකමෙන් අවසන් කිරීමට නියමිතය. දීප ව්‍යාප්ත සණස සමිති මූලික කරගනිමින් දිවයිනේ නන්දෙසින් බැතිමතුන් දහස්ගනණක් සහභාගී වන මෙම පූණ්‍යකර්මය සඳාහා රන්සිළු සමඟ විවිධ නර්තන අංගයන්ගෙන් සපිරි පෙරහැරක් ද සංවිධානය කරනු ලබයි.

වසර ගණනාවක් පුරා සැදැහැ සිතින් පවත්වන මෙම පූණ්‍යෝත්සවයේ විශේෂත්වය වන්නේ මෙහි නෙළුම් මල් පූජාවේ සිට කිරි ආහාර පූජාව දක්වා පවත්වන සියලුම වත් පිළිවෙත් සාම්ප්‍රදායානූකූල ක්‍රම වලට අනුකූලව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් නැකැත් පත්‍රානූකූලව සිදුකිරීමයි. කිරි ආහාර පූජාව සඳහා යොදා ගන්නා සහල් වැපිරීම සඳහා සුදුසු වගාබිමක් තෝරාගැනීමේ සිට ගොයම් කැපීම, සහල් වෙන්කරවා ගැනීම දක්වා සියලු පිළිවෙත් පළිබෝධක හා වස විසෙන් තෙරව, සතෙකුටවත් හානි නොවන ආකාරයකින්, මිනිස් ශ්‍රමය පමණක් උපයෝගි කරගනිමින් සිදු කරනු ලබයි. ඉන්පසු 5වන දින හිමිදිරි උදෑසන රුවන්වැලිසෑය අභියස පැවැත්වන කිරි ආහාර පූජාව සඳහා කිරි ආහාර සූදානම් කිරීමත් සියලු වතාවත්ට අනුගත වෙමින් උඩට උඩුවියන්, පයට පාවඩම් සහිතව ඉතා පවිත්‍රව දැහැමි සිතින් පිළියෙල කරනු ලබයි. එමෙන්ම එදින එම වතාවත් සඳහා යොදාගන්නා මුතුකුඩ පවා සමිතියේ සියලුදෙනාගේ දෑතින් විචිත්‍රවත් කොට අලංකාර ලෙස තනනු ලැබූ ඒවා වන අතර අටපිරිකර ආදියත් ඉතාමත් ගුණාත්මක භාවයෙන් යුතු අමුද්‍රව්‍ය යොදාගෙන ඉස්තරම්ම ආකාරයෙන් සමිතියට අවශ්‍ය පරිදි සමිති භූමියට ගෙන්වාගෙන එහිදි සකස් කරන ලද ඒවා වේ.

ශ්‍රී ලාංකේය ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට එදාමෙදාතුර එකම සන්නාමයක් යටතේ ඇප කැප වෙන සණස ව්‍යාපාරය ආයතන රැසක් හා රැකියා රැසක් රටේ උන්නතිය වෙනුවෙන් දායද කරමින් රටේ ජනතාවගේ අවශ්‍යතාවන් එකින් එක සපුරමින් සිටී. එවන් වූ දැවැන්ත ව්‍යාපාර ජාලයක තවත් එක් දැවැන්ත පරිච්චයක් ලෙස වර්ෂිකව පවත්වන සණස නෙළුම් මල් පූජා වැඩසටහනට හැඳින්විය හැකියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments