සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPකෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් සම්මතයි

කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් සම්මතයි

2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 109 කින් පාර්ලිමේන්තුවේදි අද (25) සම්මත විය. අද ප.ව 6.10 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 155 හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 46 ක් පමණි.

2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි.

මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වේ. මේ අනුව 2025 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනි ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments