ඒ මහතා මේ බව සඳහන් කළේ කෑරගල පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට (26) දා එක්වෙමින්ය. ….කෑරගල පොලිස් ස්ථානය ශ‍්‍රී ලංකාවේ 608 වන පොලිස් ස්ථානය වශයෙනුත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ වූ 20 වන පොලිස් ස්ථානය වශයෙනුත් මෙම පොලිස් ස්ථානය විවෘත කිරීම සිදු විය.
එහිදී උත්සව සභාව ඇමතු කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කොට සිටියේ ශ්‍රී ලංකා පොලීසිය යනු මහජනතාව සමඟ ඉතාමත් සමීප සබඳතාවයක් පවත්වාගෙන යන ආයතනයක් බවත් ශ්‍රී ලංකා පොලීසිය තුළ ඉතාමත් කැපවීමෙන් මෙන්ම දක්ෂ ලෙස තම රාජකාරි කටයුතු කරන නිළධාරීන් රැසක් සේවය කරන බවයි.
එමෙන්ම එහිදී වැඩිදුරටත් ඒ මහතා ප්‍රකාශ කොට සිටින්නේ මහජනතාව වෙත කාර්යක්ෂම ලෙස සේවය ලබා ගත හැකි ආකාරයෙන් තවදුරටත් ශ්‍රී ලංකා පොලීසිය ගොඩ නැගීම වෙනුවෙන් කැපවන බවත් හැකියාව, දක්ෂතාවය, නායකත්වය හා කැපකිරීම් සහිත පුද්ගලයන් ශ‍්රී ලංකා පොලීසිය තුළ ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රි කරන බවත් ය. එමෙන්ම සමස්තයක් වශයෙන් පරිහානියට ගොස් තිබෙන සමාජය වෙනස් කිරීම සඳහා වන සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කැපවෙන්නට සූදානම් බවත් එතුමා අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගරුතර සංඝරත්නය ඇතුළු පූජක පක්ෂයේ පූජකතුමන්ලාද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාත්, අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතාත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාත්, ශ්‍රී ලංකා පොලීසියේ ජේෂ්ඨ නිළධාරීන් රැසක්ද සහභාගී වූහ.