සම්මාන සඳහා නිර්දේශ නාමාවලිය එළිදැක්වු වර්ණවත් රාත්‍රිය…..
සම්මාන උළෙල ලබන (29) ෂැංග්‍රීලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින්….
අනුර ප්‍රේමලාල්
රයිගම් ටෙලීස් ජාතියේ ටෙලිසම්මාන 2024 විසිඑක්වැනි වසන්තය මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් ලබන (29) ෂැංග්‍රීිලා හෝටලයේදී පැවැතිවීමට රයිගම් සමූූූහ ව්‍යාපාරය කටයුතු යොදා තිබේ.
රයිගම් ටෙලීස් මෙරට සම්මාන උළෙල සංස්කෘතියට හඳුන්වාදුන් නිර්දේශීත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වෝටර්ස් ඒ්ජ් පරිශ්‍රයේදී ඉකුත් (28)කලාකරුවන් හා සම්භාවනීය අමුත්තන් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි. මෙහිදි සම්මාන කාණ්ඩවන ප්‍රණාම සම්මාන, ටෙලිනාට්‍ය විශිෂ්ටතා,මාධ්‍ය විශිෂ්ටතා,ජූරියේ ඇගයීමේ සම්මාන,ජනප්‍රිය සම්මාන,වඩාත් ජනගත සම්මාන,වසරේ සම්මානනීය නාලිකාව සම්මාන ලැබීමට නියමිත අතර මේ සඳහාවු 2024 නිර්දේශ නාමාවලිය ඇතුළත් සමරු කලාපය රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා අතින් සිදුකෙරිණි. ජනප්‍රිය සම්මාන සඳහා එස්.එම්.එස්. (කෙටිපණිවුඩ) එවීම ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ප්‍රසිද්ධ කිරීම මෙහිදි ඉකුත්වර ජනප්‍රිය නළුවා සම්මානය දිනාගත් සාරංග දිසාසේකර සිදුකළේය.මෙය මාර්තු (01) සිට (26) දක්වා අවස්ථාව රසික ජනතාවට උදාවේ. මෙම නිර්දේශ නාමාවලිය එළිදක්වන උළලේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වු කලාශූරි ලූෂන් බුලත් සිංහල මහතා, රයිගම් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ගණක අමරසිංහ, සම්මාන ජූරියේ සභාපති බුද්ධදාස ගලප්පත්ති,මහචාර්ය ලක්ෂ්මන් දිසානායක යන මහත්වරු සභාව ආමන්ත්‍රණය කළහ.
ඒ් අනුව රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන 2024 විසිඑක්වන වසන්තයෙ සම්මාන සඳහා නිර්දේශ නාමාවලිය මෙසේ දිග ඇරේ.
https://drive.google.com/drive/u/0/my-drive

