සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeඅධ්‍යාපන පුවත්සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවය.

සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවය.

සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ 2025 සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය පසුගිය (05) එම විදුහල් පරිශ්‍රයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති යොෂිඩා අධ්‍යාපන හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ හා සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් මීට වසර හතළිස් හයකට පෙර එනම් 1979 දී,
ජපානයේ මහා දානපතිනි තකිකෝ යොෂිඩා (Takiko Yoshida) මැතිනියගේ ධන පරිත්‍යාගයෙන් ආරම්භ කළ යොෂීඩා ළදරු පාසල වාර්ෂික සංවිධානය කරන මෙම සිංහල දමිළ අළුත් අවුරුදු උත්සවයේ දී අලුත් අවුරුද්දට අදාල චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට හුරු පුරුදු කිරීමට සංකේතාත්මකව එම චාරිත්‍ර සිදු කරන බව පෙර පාසලේ විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය පැවසුවාය
එම අවස්ථාවට පූජ්‍ය ගින්නලියේ විමලධම්ම හිමියෝ ද විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය ද දෙමාපියෝ ද එක් එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments