සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeක්‍රීඩා පුවත්2025 ජාතික අත් පන්දු සමස්ථ සූරතාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා...

2025 ජාතික අත් පන්දු සමස්ථ සූරතාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමස්ථ සූරතාවය හිමිකර ගනී

ජාතික හෑන්ඩ්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ජාතික හෑන්ඩ්බෝල් ශූරතාවලිය පසුගියදා පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී දක්ෂ හෑන්ඩ්බෝල් කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම ශූරතාවලියේදී කණ්ඩායම් අදියරේ සිට අවසන් තරඟය දක්වා සුවිශේෂී දස්කම් දක්වමින් අවසන් මහා තරගයේදී ලකුණු 35 ට 18 ලෙස සමස්ථ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හෑන්ඩ්බෝල් කණ්ඩායම සමත් වූ අතර අනුශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා හෑන්ඩ්බෝල් කණ්ඩායම හිමිකර ගන්නා ලදී.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කෝප්‍රල් පූර්නිමා එරන්දි, හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස ගුවන් කාන්තා හිරුනි රශ්මිකා, හොඳම ගෝල රකින්නා ලෙස නායක ගුවන් කාන්තා ඉසුරි ප්‍රනාන්දු සහ හොඳම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස ගුවන් කාන්තා නවන්ජනා රණසිංහ යන ක්‍රීඩිකාවන් එහිදී සම්මාන හිමිකර ගන්නා ලදී.

සම්මාන සහ සහතික පත් ප්‍රධානෝත්සවය ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලද අතර මෙම අවස්ථාවට ගුවන් හමුදා හෑන්ඩ්බෝල් සන්චිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් රජින් ජයවර්ධන,මෙජර් ජෙනරල් එල්කේටී ප්‍රනාන්දු, ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ ලේකම් චින්තක මායාදුන්නේ යන මහත්වරුන් සහ ක්‍රීඩා කවුන්සිල සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments