සහිරා හා ඩි.එස්.සේනානායක විද්‍යාල අතර පස්වන වරටත් සංවිධානය කරන ආර්.අයි.ටි.අලස් අනුස්මරණ අභියෝගතා කුසලාන රග්බි තරඟ ලබන (19) සහිරා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එදින ප්‍රධාන තරඟය සවස 4.15ට ආරම්භ කෙරෙන අතර කණිෂ්ඨ තරඟ පස්වරු 1.00ට පැවැත්වේ.
වසර 2018දී ආරම්භ කර තිබෙන මෙම අභියෝගතා කුසලානය ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා විශිෂ්ට කාර්ය භාර්යක් සිදුකළ මෑතකාලයේ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනඥයකු ලෙසත් ඩි.එස්.සේනානායක විද්‍යාලයට සිදුකළ සුවිශේෂි සේවය ඇගයීම යන කරුණු මූලික කරගෙන ‘අලස් සර්‘ ලෙස ආදරයෙන් හැඳින්වන දිවංගත රැල්ෆ් ඉග්නේෂියස් තෝමස් අලස් මහතා උපහාරයක් ලෙස පවත්වනු ලබයි.
මෙවර තරඟයෙන් ලැබෙන සම්පූර්ණ මුදල් ඩි.එස්.සේනානායක විද්‍යාලයේ ලියු කේමියා රෝගයෙන් පෙලෙන දරුවෙකුට ප්‍රදානය කිරීමට සහිරා විද්‍යාලයේ විදුහල්පති රිස්වි මරික්කාර් මහතා කර තිබු යෝජනාව ඩි.එස්.සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ දැඩි ප්‍රශංසාවට ලක්වූයේය. මේ කරුණු අනාවරණය වූයේ මේ සම්බන්ධව මාධ්‍ය හමුවක් ඉකුත්(15) සහිරා විද්‍යාලයේ ගෆූර් ශාලාවේ පැවැත්වූ අවස්ථාවේදීය.
මෙය රග්බී තරඟයක් ලෙස ආරම්භවු අතර පසුව ඒ තුළින් පෝෂණයවු සම්ප්‍රදායත්, එකමුතුකම,සුහද සහෝදරත්වය යන අර්ථවත් වටිනාකම් විදුහල් දෙක අතර ඇතිවී තිබේ.
එබැවින් මේ තරඟය නැරඹීමට පැමිණෙන ලෙස රග්බී ක්‍රීඩාලෝලීන්ට, පාසැල් සිසුන්ට,දෙමව්පියන්ට, ආදිසිසුන්ට මෙයින් ආරාධනා කරන බව තරඟ සංවිධායකයෝ ප්‍රකාශ කරතී.

