ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින Ritzbury අඛණ්ඩව 17 වන වසරටත් ශ්‍රී ලංකා ස්කොෂ් සමග අත්වැල් බැඳගෙන කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතා තරගාවලියට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. මෙම තරගාවලිය පැවැත්වුණු 36 වන අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, CBL Foods International (පුද්) සමාගම සතු ප්‍රධානතම සන්නාමයයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවති මෙම තරගාවලියට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට අධික පිරිසක් සහභාගී වූ අතර, වයස අවුරුදු 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ කාණ්ඩ යටතේ තරග පැවැත්විණි. ඉතා උණුසුම් තරග රැසකින් සමන්විත වූ මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකාවේ නැගී එන ස්කොෂ් තරු රැසක දක්ෂතා දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය.
“මෙම තරගාවලිය අපගේ වාර්ෂික තරග සැලසුම් අතර ප්‍රමුඛතම තරගාවලියක්. එය රටේ ස්කොෂ් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දක්ෂතා මෙන්ම එහි දීප්තිමත් අනාගතය මැනැවින් පිළිබිඹු කරනවා. වසර 17 ක් තිස්සේ කනිෂ්ඨ ජාතික ස්කොෂ් ශූරතාවලියට අනුග්‍රහය ලබාදීම වෙනුවෙන් අප Ritzbury වෙත අපගේ ස්තූතිය මෙසේ පුද කර සිටිනවා. ශ්‍රී ලංකාවේ ස්කොෂ් ක්‍රීඩාවේ උන්නතියට මෙන්ම නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයට Ritzbury වෙතින් ලැබෙන අත්වැල සුවිශාලයි.” ශ්‍රී ලංකා ස්කොෂ් සභාපති එරන්ද ගීගනගේ පැවසීය.
19 න් පහළ අවසන් මහා තරගයේදී තියුණු සටනකින් අනතුරුව 3-2 ක් වශයෙන් ජයගනිමින් බාලිකා ශූරතාව දිනාගැනීමට නෙත්මි වික්‍රමසිංහ සමත් වූ අතර, මතීෂ විජේසේකර අවසන් තරගයේදී 3-0 ක් ලෙස ජයගනිමින් බාලක ශූරතාව දිනාගැනීමට සමත් විය. මෙම තරගාවලියේදී නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාද අගයන ලද අතර, අවුරුදු 15 න් පහළ බාලිකා ශූරතාව දිනාගත් සහ අවුරුදු 17 න් පහළ 4 වන ස්ථානය දිනාගත් චානුමී තෙබුවන ‘2025 වසරේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාව’ ලෙස නම්කරන ලදී. 17න් පහළ බාලක අනුශූරතාව සහ 19 න් පහළ කාණ්ඩයේ 4 වන ස්ථානය දිනාගත් කේමිත හපුආරච්චි ‘2025 වසරේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයා’ බවට පත් විය.
“Ritzbury කවදත් ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා ක්‍රීඩාව සතු හැකියාව පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා. ස්කොෂ් යනු ඒ විශ්වාසය ඔස්සේ දශක දෙකකට ආසන්න කාලයක් පුරා අප විසින් අනුග්‍රහය ලබාදෙනු ලබන ප්‍රධානතම ක්‍රීඩාවක්. යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතාමත් උනන්දුවකින් යුතුව මෙම තරගවලට සහභාගී වනු දැකීම සතුටට කරුණක්. අප මේ තරගාවලියට අඛණ්ඩව අනුග්‍රහය ලබාදෙන්නේ ඒ නිසාමයි.” CBL Foods International (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ) නිලුක්ෂ බැස්ටියන්ස් මහතා පැවසීය.
ක්‍රීඩාව යනු ජයග්‍රහණ හෝ කුසලාන පමණක් නොවන බවට Ritzbury විශ්වාස කරයි. ක්‍රීඩාව යනු එහි නිරතවන්නන්ගේ දක්ෂතා හා විනය මෙන්ම විඳදරාගැනීමේ හා ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කරමින් අනාගත නායකයන් බිහිකරන වේදිකාවකි.
මේ ආකාරයට කනිෂ්ඨ ජාතික ස්කොෂ් තරගාවලිය සඳහා දශක දෙකකට ආසන්න කාලයක පටන් ලබාදෙන සහයෝගයට අමතරව Ritzbury විසින් මේ වන විට Ritzbury සර් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය, Ritzbury රග්බි සැණකෙළිය, Ritzbury පිහිනුම් ශූරතාවලිය සහ Ritzbury ටෙනිස් ශූරතාවලිය වැනි තරගාවලි රැසකට තම අනුග්‍රාහකත්වය ලබා දී ඇත. එමෙන්ම Ritzbury විසින්ම ක්‍රියාවට නවන ලද ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන මගින් මලල ක්‍රීඩකයන්ට හා ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර තලයන් ජයගැනීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබාදෙයි. මේ සියල්ල රට පුරා විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට මහෝපකාරී වී ඇති මහඟු කර්තව්‍යයන් ලෙස හැඳින්විය හැකි වේ.
ස්ථානය දිනාගත් කේමිත හපුආරච්චි ‘2025 වසරේ වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයා’ බවට පත් විය.