21.6 C
Sri Lanka
Wednesday, November 26, 2025
Homeදේශීය පුවත්ඩිජිටල් පරිවර්තනයට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට පාසල්, කලාප හා පළාත්...

ඩිජිටල් පරිවර්තනයට අදාළව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනයට පාසල්, කලාප හා පළාත් මට්ටමින් පියවර…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ දීර්ඝ කාලීන සැලැස්ම යටතේ පාසල් සඳහා ඩිජිටල් උපාංග ලබා දීමට සමාන්තරව පාසල් පද්ධතියේ මානව සම්පත් ධාරිතා සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස චීන මහජන සමූහාණ්ඩුව සමග පවත්වන ලද වි‍දේශ පුහුණු වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පවත්වන ලදි.

ඩිජිටල් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පාසල්, කලාප හා පළාත් මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන වැඩසටහන, මෙරට මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියට ලැබුණුු සුවිශේෂ අවස්ථාවක් වන අතර එහි පළමු වටය සඳහා 38 දෙනෙකුගෙන් යුත්  කණ්ඩායමක් වි‍දේශ පුහුණු වැඩසටහනට සහභාගී වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments