ෙචීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වේ.ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් …මහතා පවසයි.
මේ සම්බන්ධ නිරීක්ෂණ චාරිකාව සහ පූර්ව සාකච්ඡාව පසුගියදා (සැප්.10) චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) ඇතුළු චීන නියෝජිතයන් සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක නියෝජිතයන් අතර පැවැත්වුණි.මේ පිළිබඳ සහයෝගිතා සැලැස්ම ඉදිරියේ දී අත්සන් කරනු ලබන බව ද සභාපති කසුන් රත්නායක මහතා පැවසීය.
ෂංජොවු – හෝමාගම සහෝදරී නගර වැඩසටහන (Sister City Program ) තුළින් චීනයේ පළාත් පාලන ආයතනවල පරිපාලනමය සහ සංවර්ධන අත්දැකීම් ලබා ගැනීමේ විරල හෝමාගම ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන්ට සහ නිලධාරීන්ට හිමි වනු ඇතැයි ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා පවසයි.
මෙම නිරීක්‍ෂණ චාරිකාවට සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවට හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක මහතා, චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) මහතා ඇතුළු රජයේ හා ව්‍යවසායක නියෝජිතයන් අට දෙනෙකු ද ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ නියෝජ්‍ය සභාපති දුනිල් හෙයියන්තුඩුව මහතා,ජාතික සංවිධායක නන්දසේන මදවන්ආරච්චි මහතා සමග හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු සහ නිලධාරීහු එක් වූහ.


