‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා – 2025’ නමින් මෙවර පාසල් ක්‍රීඩා උළෙල, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025 ඔක්තෝම්බර් මස 10 සිට 14 දක්වා වූ දින පහක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අද දින මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය.
38 වන වරටත් පවත්වනු ලබන මෙම තරගාවාලියේ දී කණ්ඩායම් තරග 31ක් මෙන් ම ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් අනතුරුව පිළිවෙළින් කොට්ඨාස, කලාප හා පළාත් තරගවලට සහභාගී වී එහි දක්ෂතා පෙන්වන දූ දරුවන්ට සමස්ත ලංකා තරගාවලියට සහභාගී වීමේ සුදුසුකම් හිමි වනු ඇත.
දිවයින පුරා පාසල්වල අධ්‍යාපනය ලබන පහළොස් දහසකට ආසන්න දරු දැරියන් සංඛ්‍යාවක් මෙවර කණ්ඩායම් තරග සඳහා සහභාගී වන අතර, ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පන්දහසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කරයි. පාසල් 1170ක් නියෝජනය වන මෙම උත්සවයේ දී ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත, පදක්කම් සහ සහතික ප්‍රදානය කෙරෙනු ඇත.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උදාරා ටී. දික්කුඹුර මහත්මිය, අධ්‍යක්ෂ ජී. ජී. අනුර අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
‘සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025’ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී….
RELATED ARTICLES