23.3 C
Sri Lanka
Friday, October 17, 2025
Homeදේශීය පුවත්ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04...

ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04 කින් යුතු වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කෙරේ‌.

මෙරට මාතෘ රෝහලක පළමු අධි සත්කාර ඒකකය ලෙස, ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය (HDU) සහ මහල් 04 කින් යුතු වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කෙරේ‌.
නුවර සහ අනුරාධපුර රෝහල්වලත් මාතෘ අධිසත්කාර ඒ්කක ආරම්භ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් සුරක්ෂිත තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද මාතෘ අධි සත්කාර ඒකකය (Maternal High Dependency Unit) සහ මහල් 04 කින් යුත් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීම අද (16) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
විවෘත කිරීමෙන් අනතුරුව මාතෘ අධි සත්කාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ද ලක් විය.
ද සොයිසා කාන්තා රෝහලේ මාතෘ අධි සත්කාර ඒකකය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 249 ක් වැය කර ඇත. මේ වන විට පළමු අදියර වශයෙන් මුළු ව්‍යුහය සකස් කර බිම් මහල සහ පළමු මහල ඉදි කිරීමට කටයුතු කර ඇත.
මහල් 04 කින් යුත් මෙම ගොඩනැල්ල මේ වන විට බිමි මහල HDU (ඇදන් 10) වශයෙන් ද පළමු මහල පූර්ව හා පසු ප්‍රසව වාට්ටුව (ඇදන් 24) ලෙසින් ද ඉදිකිරීම් කටයුතු නිම කර ඇත.
මෙරට සෞඛ්‍ය පද්ධතියට හා වසර 150 කට වඩා ඉතිහාසයක් සහ මෙරට මාතෘ හා කාන්තා ප්‍රතිකාර සේවාවේ ප්‍රධානතම රෝහල ලෙස මෙරට සිදුවන වාර්ෂික දරු උපත් වලින් සියයට 3 ත් 5 ත් අතර ප්‍රමාණයක් සිදුවන මෙම රෝහලට විශේෂ අඩුපාඩුවක්ව පැවැති අධිසත්කාර ඒ්කකය සහ වාට්ටු සංකීර්ණයක් රෝගී සත්කාරක සේවාව සඳහා අද දින සිට එක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවැසීය.
මෙරට පළමු වතාවට මාතෘ රෝහලක් තුළ ආරම්භ කරන ලද පළමු මාතෘ අධි සත්කාර ඒකකය ලෙස මෙම ඒ්කකය විවෘත වන බවත්, මේ අත්දැකීම් අනුව නුවර සහ අනුරාධපුර රෝහල්වලත් අධිසත්කාර ඒ්කක ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද එමෙන්ම කාමරවලට අවශ්‍ය සියලු පහසුකම් සහිත ප්‍රසුතිකාර කාමර 04 ක් ඇතුළත් වන බව ද අමාත්‍යවරයා පැවසීය.
ලබන වසරේ ජුනි පමණ වනවිට මෙහි ඉතිරි මහල් දෙකෙහි සියලු වැඩකටයුතු අවසන් කළ හැකි වනු ඇති බවත්, ද සොයිසා රෝහලට තවත් මහල් 05 ක නව ගොඩනැගිල්ල සඳහා ද මුදල් වෙන් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.
දකුණු සහ අග්නිදිග කලාපයේ මෙන්ම මුළු ලෝකයේම මාතෘ හා ළදරු සෞඛ්‍ය සම්බන්ධව අප රටට යම් ගරුත්වයක් ඇති බවත්, ජයග්‍රහණය කළ යතු සෞඛ්‍ය අභියෝගයන් වන බවද ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.
ද සොයිසා කාන්තා රෝහල – මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ පෙර ගමන්කරු ලෙස 1879 දී පිහිටුවා ඇත.
සොයිසා රෝහල ශ්‍රී ලංකාවේ පළමු මාතෘ රෝහල සහ ආසියාවේ දෙවැනි පැරණිතම මාතෘ රෝහල ලෙස ද හඳුන්වයි. ආරම්භයේ පටන් මේ රෝහල මව්වරුන්ගේ සහ නව ජන්ම ළදරුවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම උසස් කිරීම සඳහා වසර 140 කට අධික කාලයක් තිස්සේ කැපවී සේවය කරනු ලබයි.
ද සොයිසා කාන්තා රෝහල මව්වරුන්, කාන්තාවන් හා නවජ ළදරුවන්ට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ මව් සෞඛ්‍යය, ළමා සෞඛ්‍යය අධ්‍යාපනය සහ වෛද්‍ය නවෝත්පාදනය පිළිබඳ කැපවීමේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් පවතී. එමඟින් මව්වරුන් හා ළදරුවන් සඳහා ආදරය, කැපවීම සහ උසස් සේවාවක් සැපයීමේ උතුම් අරමුණ දිගටම ඉටු කරමින් පවතින රෝහලක් ලෙස ද සොයිසා කාන්තා රෝහල හැඳින්විය හැක.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ අජිත් දන්තනාරායන, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂා තොටගමුව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විඡේසිංහ, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අතුල කළුආරච්චි, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

මෙහි දී 78වන අග්නි දිග ආසියා කලාපීය කමිටුවේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කිරීමට ද නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments