27.3 C
Sri Lanka
Friday, October 17, 2025
Homeදේශීය පුවත්පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ පූර්ව අනතුරු...

පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (16) පස්වරු 5.00 සිට මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.

ඒ අනුව අනතුරු ඇඟවීම් මට්ටම 1 ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව , ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, දෙල්තොට සහ දොළුවයන ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල සහ රඹුක්කන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල සහ අඹන්ගඟ කෝරළය , මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන ප්‍රදේශ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ අඹගමුව යන ප්‍රදේශවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments