සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ...

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ…

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (21) සිට පියවර ගෙන ඇත

මේ පිළිබඳ එහි සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ආනයනික කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙසත්, ආනයනික නාඩු සහල් කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 220 ලෙසත් නියම කර තිබේ.

ආනයනික සම්මා කිලෝ ග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 230ක් ලෙස සඳහන් වන අතර පොන්නි සම්මා කිලෝ ග්‍රෑමයක උපරිම මිල රුපියල් 240ක් ලෙස සඳහන් ය.

එමෙන්ම කීරි පොන්නි සම්බා කිලෝ ග්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 255 ලෙස අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments