Homeආගමිකදිමියාවේ අමරවංස අනුනායක මා හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනයට පින්කම් රැසක්.

දිමියාවේ අමරවංස අනුනායක මා හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනයට පින්කම් රැසක්.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ අනුනායක, ආචාර්ය දිමියාවේ අමරවංස අනුනායක මා හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගනිමින් ලේ දන්දීමේ පුණ්‍ය කර්මයක් ඇතුලු පින් කම් රැසක් අගෝස්තු 01 වැනිදා සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම වැඩසටහන් අගෝස්තු මස 01 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට මාලබේ සුසිතපුර අසෝකාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පැවැත්වේ.

ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය එදින උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා පැවැත්වේ. සවස 6.00ට ඖෂධ වර්ගයන් 108ක් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙන මහා ඖෂධ පූජාවක් පැවැත්වේ.

සුසිතපුර අසෝකාරාම විහාරස්ථ කුලඟන සමිතිය ඇතුලු දායක සභාව මගින් සංවිධානය කරනු ලබන මෙම මහා පින්කම සඳහා සහභාගී වන ලෙස, සංවිධායක මණ්ඩලය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments