2025ලෝක කාන්තා ක්‍රිකට් අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකාව හා ඉන්දියාව සුදුසුකම් ලබයි.
ඒ අනුව අවසන් මහා තරගය එළැඹෙන ඉරිදා (5)නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව සමත් විය.
තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙසින් මෙම තරගය නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ (30) පැවැත්විණි.මෙහිදී ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 339ක දැවැන්ත ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 49(48.3)වන පන්දුවාරයේදී පසුකර යෑමට ඉන්දියාවට හැකිවිය.
ඉන්දීය ජයග්‍රහණයේ නියමුවරිය වූ ජෙමිමා රොඩ්‍රිගස් නොදැවී ලකුණු 127ක් රැස්කළාය.ඊට අමතරව නායකා හර්මන්ප්‍රීත් කෝර් අගනා ලකුණු 89ක් රැස්කළ අතර, ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට පන්දු 156කදී ලකුණු 167ක සබඳතාවක්ද පැවැත්වූහ.
පළමු අවසන් පූර්ව තරඟයෙන් එංගලන්තය පරාජය කර දකුණු අප්‍රිකාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව වසර 52ක (1973 සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලානයේ පළමුවරට එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව නොමැති අවසන් මහා තරඟයක් මෙවර පැවැත්වේ.ඉන්දියාව මීට පෙර 2005 හා 2017 වර්ෂයන්හිද අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබා තිබුණි.කෙසේ නමුත් දකුණු අප්‍රිකාව මෙවර එම අවස්ථාව හිමිකරගත්තේ පළමුවරටය.


