අනුර ප්‍රේමලාල්
ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු
වෙළෙඳසේවා හොකි සංගමය මෙහෙයවන හතළිස්හත්වෙනි වාර්ෂික සත් සාමාජික හොකි තරඟාවලිය ලබන (09) පි සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරඟාවලියට මෙවර කණ්ඩායම් විසිහයක් සහභාගිවීමට නියමිතයි. ඒ සඳහා ක්‍රීඩකයින් දෙසියපනහක් අධික සංඛ්‍යාවක් කාණ්ඩ හයක් යටතේ එක්ව සිටිති.
වසර 1973දී ආරම්භවු වෙළෙඳසේවා සත් සාමාජික හොකි තරඟාවලිය මෙවරට දීර්ඝතම කාලයක් පුරා හොකි තරඟාවලිය බව ඉකුත් (04) බි.ආර්.සි.ක්‍රීඩාංගණ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති වි.බාලගෝබි මහතා පැවසීය.
මෙවර තරඟාවලියට වෙළෙඳසේවා හොකි සංගම් සභාපති කුසලාන තරඟ අංශය සමග තවත් තරඟ අංශ පහක් ඇතුළත්ය.
ඒ කාණ්ඩය (ඩෙනිස්ද රොසයිරෝ කුසලාන) හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව,සෙලාන් බැංකුව,මාස් හෝල්ඩංග්ස් සහ කොමාර්ෂල් බැංකුව
බි කාණ්ඩය (සිංගර් කුසලාන)හේලිස් සමූහ, බ්‍රවුන්ස් සමූහ,ජෝන් කීල්ස්,clap,ජනශක්ති ෆිනෑන්ස්.
සී කාණ්ඩය (MHAකුසලාන)ඩේවිඩ් පීරිස් සමාගම,NTB,HSBC,FUTURE LIFE HOLDING.
ඩි කාණ්ඩය (එඩිමන්ඩ් ජේ. කුරේ කුසලාන) සිංගර්,SLT,හේමාස් සමූහ.
ඊ කාණ්ඩය (CEYLON COLD STORES කුසලාන) CEYLON TOBACO,DELOITTE,Inqube solution (pvt)ltd
MHAසභාපති කුසලාන කොමාර්ෂල් බැංකුව, බී බ්‍රවුන්ස් බි මාස් හෝල්ඩිංග්ස්,බී හැටන් නැෂනල් බැංකුව, බී NTB.
ශ්‍රී ලංකා ජාතික ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ හොකි කණ්ඩායම්වල සාමාජිකයන්ද තරඟ කරන වෙළෙඳ සේවා සත් සාමාජික හොකි තරඟාවලියේ අවසන් තරඟ එදින පස්වරු 3. 00ට ඇරඹේ. ඒ කාණ්ඩයේ අවසන් තරඟය එදින පස්වරු 4.30ට පැවැත්වේ.
ජනශක්ති සමූහ ව්‍යාපාරය, බ්‍රවුන්ස් සමූහ ව්‍යාපාරය, CEYLON COLD STORESසහ HALEON LANKA (pvt)ltd සහයෝගිතාව මත පැවැත්වෙන මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අපනයන සංවර්ධන මණ්ඬලයේ සභාපති සහ බ්‍රවුන්ස් සහ සමාගමේ සමූහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මංගල විජේසිංහ මහතා එක්වීමට නියමිතය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂ රොෂාන් කුලසූරිය මහතා ගෞරවනීය ආරාධිත ලෙස මේ අවස්ථාවට එක්වෙනු ඇත.


