ලෝක ජල දිනය යෙදෙන මෙම (22) සිට සිංහල , හින්දු අලුත් අවුරුදු කාල සමය ජලමහෝත්සවය ලෙස නම් කොට හැත්තෑපන්දහසකට පමණ පානීය ජල පහසුකම් ලබාදෙන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානයක්කාර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (17) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වමින් ඇමැතිවරයා මෙසේද කීය............පානීය ජල ජනතාවට ලබාදීමේ මහා මෙහෙයුම කරගෙන යමිනුයි සිටින්නේ. ලබන (22) ජල දිනය යෙදෙනවා එදින අපි දැදුරු ඔය ජල ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන්නයි සිටියේ. නමුත් ඒ මහතා බංගලදේශයට ගොස් නැවත පැමිණ නිරෝධායන කටයුතුවල යෙදෙන විට එම දිනය පසුවෙන නිසා එම කටයුත්ත අපිට කරන්න නොහැකි වෙලා තිබෙනවා. එදින අපි කටාන ජල ව්‍යාපෘතිය විවෘත කරනවා. නිට්ටඹුවේ ජල බෙදාහැරීමේ පද්ධතියේ කටයුතු ආරම්භ කෙරෙනවා. යාපනයේ ජලසම්පාදන කටයුතුවල නල එළිම් කටයුතු සිදුවෙමින් තිබෙනවා. එහිදි කරදිය මිරිදිය කිරීමේ පිරිපහදු කටයුතු තමයි එම යන්ත්‍රයෙන් සිදු කෙරෙන්නේ. වෙසක් පෝ දිනයේදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගදීපයේ යනවා. එහිදි ජල ව්‍යාපෘතියක් විවෘත කෙරෙනවා. එතුමාගේ වෙසක් දින කටයුතු එහිදි සිදුවෙනවා. පසුව වව්නියාවේ ජලව්‍යාපෘතියක් විවෘත කෙරෙනවා ලබන අප්‍රේල් මාසයේදී. ඊටපසු බදුල්ලේ ලුණුගල ජල ව්‍යාපෘතියද, මුලතිව්වල පුදුකුඩුඉරිප්පු ජල ව්‍යාපෘතියද විවෘත කෙරෙනවා. ගලිගමුව ජල ව්‍යාපෘතියද වීවෘත කෙරෙනවා. එයත් අගමැති අතින් වීවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ ව්‍යාපෘති මගින් හැටපන්දහසකට හැත්තෑපන්දහසකට ජල පහසුකම් ලැබෙනවා. ඒ නිසා මෙම (22) සිට සිංහල හාහින්දු අලුත් අවුරුදු දක්වා ජල මහෝත්සවය ලෙස සැලකෙනවා. ප්‍රජාජල වීවෘත කිරීම් රත්නපුරේ, මොනරාගල,බලංගොඩ, පැල්මඩුල්ලේ සිදුවෙනවා. ජාතික ප්‍රජාජල දෙපාර්තමේන්තුව කියන ආකාරයට ලෝක ජල දිනයට සමාගාමිව ප්‍රජාජල ව්‍යාපෘති හැට වීවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම නැනෝ ජල පිරිපහදු පද්ධති ජල අයිතියට ලබාදෙනවා. ඒවා වකුගඩු රෝගවලින් පෙලෙන ජනයා වැඩියෙන් ජීවත්වන ප්‍රදේශවලට ඒවා ලබාදෙනවා. එවැනි ව්‍යාපෘති හැට නවයක් ජනගත කරනවා. එවිට මුළු ප්‍රජා ජල ව්‍යාපෘති එකසිය තිහක් වෙනවා. එහි මුළු ප්‍රතිලාභි සංඛ්‍යාව තිස්තුන්දහසක් වෙනවා. එවිට ලොකු ව්‍යාපෘති සමග බලන විට ප්‍රතිලාභීන් හැත්තෑපන්දහසක් වෙනවා. මේ ගැන අපේ ඉංජිනේරුනිලධාරින්, සේවක මහත්ම මහත්මීන් ගැන අපි සතුටුවෙනවා. 2025 වෙනවිට සියලු දෙනාට ජලය ලබාදෙන්න නම් අපිට මහජන හා ප්‍රජා ජල ව්‍යාපෘති යම් ඉලක්කයක් අනුව ක්‍රියාත්මක කළ යුතුයි. එවායේ සංඛ්‍යා ලේඛන පවත්වාගෙන යායුතුයි. මේ යන ආකාරයට අපිට එම ඉලක්කයන් සපුරා ගත හැකි බවක් පෙනෙනවා. මීට මගේ ප්‍රශංසාව අපගේ සියලු නිලධාරින්ට හා සේවක මහත්ම මහත්මීන්ට ලබාදෙනවා. ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලනවා ජලකාන්දුවක් දැක්ක විගස අපිට දැනුම් දෙන්න. ඊට 1939 අංකය තිබෙනවා. එය දැන් තිබෙන්නේ දුර්වල තත්ත්වයකයි. එය තව මාසයකින් හොඳ තත්ත්වයකට ගෙන එව බව කිව යුතුයි. ජල සැපයීමක් කිසියම් ආකාරයකින් නොලබන අය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස විසිතුනක විසිරි සිටිනවා. එයට ජලය ලබාගන්න දුරකත ගෙවාගෙන යන්න වෙලා තිබෙනවා. ව්‍යාපාර සඳහා නළ ළිං ලක්ෂයක් පමණ තිබෙනවා මගේ දළ ලැයිස්තු අනුව ඒවා සඳහා මීටර් හඳුන්වාදෙන්න බලාපොරොත්තුවෙනවා. පවුලකට, සුළු ගොවිතැනකට ජලය ගන්න නළ ළිං සඳහා එය වලංගු වන්නේ නැහැ. ජලබිල්පත් වැඩිකරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ලෝක ජල දිනය නිමිත්තෙන් 75 දහසකට පානීය ජලය
RELATED ARTICLES