22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එකම ශ්‍රී ලාංකික ජාතියක් - විශේෂ වැඩමුළුව

එකම ශ්‍රී ලාංකික ජාතියක් – විශේෂ වැඩමුළුව

සියලු ජාතීන් සහෝදරත්වයෙන් එකමුතුවෙමු , එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඉදිරියට යමු මැයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය විසින් මෙහෙයවු විශේෂ වැඩමුළුවක් ඉකුත්(28) මාලිගාවත්ත සවුසා බ්ලැන්කට් හෝටලයේදී පැවැත්විණි.

මෙහිදි මිනිසුන්ගේ යහපත වෙනුවෙන් පෙරමුණ අරගෙන ක්‍රියාකළ මානවහිමිකම් ආරක්ෂා කරන්න කටයුතු කළ කිහිප දෙනකුම අගය කිරීම  සිදුකෙරිණි. මෙරට සිටින මාලදිවයිනේ මහා කොමසාරිස් ඕමාර් අබ්දුල් රාසාක් මහතා මෙම වැඩමුළුවේ විශේෂ අමුත්තෙකු ලෙස එක්ව සිටියේය. මේ අවස්ථාවේදී විශේෂ දේශනයක් පැවැත්වු මෙරට අඩුම වයසකින් ආචාර්ය උපාධියක් හිමි කරගත් හා සමාගම් රැසක උපදේශකවරයකු ලෙස කටයුතු කරන එම සංවිධානයේ ජාත්‍යාන්තර කටයුතු  පිළිබඳ  අධ්‍යක්ෂ ආචාර්ය ඉසුරු බණ්ඩාර මහතා සඳහන් කළේ මිනිසා නිරන්තරයෙන් මිනිසුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අවබෝධයෙන් යුතුව පෙනිසිටිය යුතු බවයි. එවිට සහෝදරත්වයෙන් බැඳුනු ශ්‍රීලාංකික ජාතියක් ලෙස අපිට ඉදිරියට යා හැකි බව පෙන්වා දුන්නේය.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය වැඩසටහන් රැසක් හඳුනා ගනිමින් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටින බවද කීය.  මානව හිමිකම් ක්ෂේත්‍රය සඳහා විශේෂ මෙහෙවරක් ඉටුකළ පිළියන්දල සිළුමිණ පරිවේණාධිපති මතුරට  ධම්මරතන හිමියෝ අගය කරමින්  ආචාර්ය ඉසුරු බණ්ඩාර මහතා ඇතුළු ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ නිලධාරින් තිළිණයක් ලබාදු අයුරු මෙහි දැක්වේ. පසෙකින් මාලදිවයින මහාකොමසාරිස් ඕමාර් අබ්දුල් රාසාක්, මෙම සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ආචාර්ය සර් ක්ලැරන්ස් කුමාරගේ යන මහත්වරු හා තිළිණි ප්‍රියමාලි බණ්ඩාර, නිලුෂිකා කුමාරගේ යන මහත්මීන්ද සිටිති. 
මෙහිදි ආගමික නායකයින් හා සමාජ ක්‍රියාකරකයින් ඇගයීමට ලක් කළහ. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments