23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු පණිවුඩය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අලුත් අවුරුදු පණිවුඩය.

සිංහල දමිළඅලුත් අවුරුදු පණිවුඩය

සමස්ත ශ්‍රී ලාංකේයන්ගේ නැවුම් බලාපොරොත්තු ඉටුවන සිංහල දමිළ අලුත් අවුරුද්දක උදාව නිමිත්තෙන් සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

අපේ රටේ ජනතාව අනාදිමත් කාලයක සිට හෙළ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් හෙළයේ මහා සංස්කෘතික මංගල්යතය සමඟ එක්වෙති.

ගොවිතැන මූලික හරය කරගනිමින් මිනිසුන් අතර බැඳී පවතින සංස්කෘතිකමය වටිනාකමකින් යුතු සමාජ පිළිවෙත්සිංහල දමිළ අලුත් අවුරුද්ද සමඟ යළි සිහිපත් වේ.

රජය දුන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් විනය ගරුක ජනතාවක් ලෙස ඔබ කළ කැපකිරීම නිසා, අලුත් අවුරුද්ද මේ තරමින් හෝ නිදහසේ සැමරීමට අවස්ථාව උදා වී තිබේ.

එබැවින් සෞඛ්‍යද පිළිවෙත් සිහි තබාගනිමින් සංස්කෘතිමය වටිනාකම් රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.

ජනතාව මත පැටවෙන පීඩාවන් ආණ්ඩුව මත තබා ගනිමින් රජය සියලු ජනතාවගේ අනාගතය සෞභාග්යතමත් කිරීමේ වෑයමක නිරතව සිටින බව සිහිපත් කරමි.

අලුත්වන සිතුම් පැතුම් සමඟ අප හමුවේ ඇති අභියෝගයන් ද සැළකිල්ලට ගනිමින් සෞභාග්ය මත් දේශයක් උදෙසා නව මාවතක ගමන් කිරීමට කාලය එළැඹ ඇත.

ඒ සඳහා එකිනෙකා අතර බැඳීම් ශක්තිමත් කර ගනිමින් ශ්රීර ලාංකේය ජාතියක් ලෙස ලොව ඉදිරියේ නව ජවයකින් නැගී සිටීමට මෙවර අලුත් අවුරුදු උදාවේ දී අපි සියලු දෙනා අදිටන් කරගමු.

ඔබ සැමට සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ! යැයි මම ප්‍රාර්ථනා කරමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments