29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්බංගලාදේශ ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි.

බංගලාදේශ ක්‍රිකට් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඉකුත් (12) දිවයිනට පැමිණියේය.

බංග්ලාදේශ කණ්ඩායම අද සවස 3.15ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 190 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව එමආරංචි මාර්ග සඳහන් කරයි.

එම තරඟාවලිය මීට පෙර පසුගිය වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

නමුත් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය.

එම තරඟ දෙක මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය අප්‍රේල් 21 වන දා සිට 25 වන දා දක්වා පැවැත්වේ.

දෙවැනි තරඟය අප්‍රේල් 29 වන දින සිට මැයි 3 වන දින දක්වා පැවැත්වෙනු ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments